2026 අගෝස්තු 01 සෙනසුරාදා, 00:46
නවතම පුවත්

සිලින්ඩරය පුටුවේ තබයි

ලබන වසරේදී (2025) පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයේදී නායකත්ව මණ්ඩලයක් යටතේ “පුටුව’’ ලකුණින් තරග කිරීමට පොදුජන එක්සත් පෙරමුණ තීරණය කර තිබේ. එම පක්ෂයේ නායකත්ව මණ්ඩලය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී රැස්වීමෙන් අනතුරුව මෙම තීරණය ගෙන තිබේ.

මෙම සාකච්ඡාව සඳහා හිටපු ඇමැතිවරුන් වන නිමල් සිරිපාල, මහින්ද අමරවීර, නසීර් අහමඩ්, ලසන්ත අලගියවන්න, නිමල් ලාන්සා, අනූප පැස්කුවල්, චාමර සම්පත් දසනායක, ෆයිසර් මුස්තාපා සහ ජගත් පියංකර, මොහොමඩ් මුශාරෆ්, ලක්ෂ්මන් යාපා සහ සුගීශ්වර බණඩාර ඇතුළු පිරිසක් සහභාගි විය.

පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ උපදේශකත්වය යටතේ ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ යටතේ “සිලින්ඩරය’’ ලකුණින් තමන් තරග කළද, මෙවර පොදුජන එක්සත් පෙරමුණ ජයග්‍රහණය කරවීමට නම් “පුටුව’’ ලකුණින් තරග කළ යුතු බව නායකත්ව මණ්ඩලය තීරණය කර තිබේ.

පුටුව ලකුණින් තරග කිරීම සඳහා නාමයෝජනාවලට නම් ඇතුළත් කිරීමට අයැදුම්පත් කැඳවීමටද පොදුජන එක්සත් පෙරමුණ තීරණය කර ඇත. මෙහිදී, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, පොදුජන එක්සත් පෙරමුණ හා එම සන්ධානයට සම්බන්ධ සියලු දේශපාලන පක්ෂවල ප්‍රධානීන් නායකත්ව මණ්ඩලය ලෙස කටයුතු කිරීමට නියමිතය.

“පුටුව’’ ලකුණින් තරග කරන සන්ධානයට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සම්බන්ධතාවක් නොමැති බවත්, නායකත්ව මණ්ඩලයේ කටයුතු සඳහා හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග උපදේශකත්වය ලබාදීමට නියමිත බවත් දැනගන්නට ඇත.

එමෙන්ම, හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ පුත් දහම් සිරිසේන පක්ෂයේ දිස්ත්‍රික් නායකයකු ලෙස සම්බන්ධ කර ගැනීමට පක්ෂයේ නායකත්ව මණ්ඩලය කැමැත්ත දක්වා තිබේ

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories