2025 අගෝස්තු 14 බ්‍රහස්පතින්දා, 20:39
නවතම පුවත්

අර්ජුන් මහේන්ද්‍රන්ට ආයෙත් වරෙන්තු

කුප්‍රකට මහබැංකු වංචාව ලෙස හැඳින්වෙන මුදල් විශුද්ධිකරණ සිද්ධියකට අදාළව විභාගයට ගැනෙන නඩුවක් සම්බන්ධයෙන් අධිකරණය හමුවේ පෙනීනොසිටි එවකට මහ බැංකු අධිපතිවරයාව සිටි අර්ජුන් මහේන්ද්‍රන් හා අජාන් ගාර්දීන් පුංචිහේවා යන සැකකරුවන් දෙදෙනාට විවෘත වරෙන්තු නිකුත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ ඊයේ (19) නියෝග කළේය.

වැට් බදු නොගෙවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මේ වන විට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින අර්ජුන් ඇලෝසියස් නැමත්තාද මෙම සිද්ධියේ සැකකරුවෙකු වන අතර, එදිනට ඔහුව අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද මහේත්‍රාත්වරයා බන්ධනාගාර නිලධාරීන්ට නියෝග කළේය.

අර්ජුන් ඇලෝසියස්, අර්ජුන් මහේන්ද්‍රන්,ජෙෆ්රි ජෝසප් ඇලෝසියස්, අජාන් ගාර්ඩ්දීන් පුංචිහේවා, පුෂ්පමුත්තු ගුණවර්ධන හා මුත්තුරාජා සුරේන්ද්‍රන් යන අය මෙම සිද්ධියේ සෙසු සැකකරුවන්ය.

එම සැකකරුවන් අතර සිටි අර්ජුන් මහේන්ද්‍රන් හා අජාන් ගාර්ඩීන් පුංචිහේවා යන සැකකරුවන් දෙදෙනා ඊයේ අධිකරණය හමුවේ පෙනීනොසිටීම සැලකිල්ලට ගෙන මහේස්ත්‍රාත්වරයා ඔවුන්ට එසේ විවෘත වරෙන්තු නිකුත් කළේය.

මෙම සිද්ධියට සම්බන්ධ සැකකරුවන්ට එරෙහිව මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනුකර ඇති බවද සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දක්වමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීහු අධිකරණයට දැන්වූහ.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories