2026 ජූලි 30 බ්‍රහස්පතින්දා, 05:55
නවතම පුවත්

අහසේදී කතකට අතවර කල ලාංකිකයෙකුට ඕස්ට්‍රේලියාවේ නඩු

අන්තර්ජාතික ගුවන් යානයකදී අශෝභන ලෙස හැසිරුණු බව කියන ශ්‍රී ලාංකිකයකු අද ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් හි උප නගරයක් වන බ්‍රෝඩ්මෙඩෝස් හි මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

ඕස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසිය පැවසුවේ ඊයේ ශ්‍රී ලංකාවේ සිට මෙල්බර්න් බලා පියාසර කරමින් තිබූ ගුවන් යානයක ගමන් ගත් 41 හැවිරිදි මෙම පුද්ගලයා මගී කාන්තාවකට අශෝභන ක්‍රියාවක් සිදුකළ බවට චෝදනා එල්ල වී ඇති බවයි.

එම කාන්තාව විසින් සිද්ධිය පිළිබඳව ගුවන් සේවා කාර්ය මණ්ඩලයට දැනුම් දී ඇති අතර, පසුව ඔවුන් ඒ සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසිය දැනුවත් කර තිබේ.

ගුවන් යානය මෙල්බර්න් ගුවන් තොටුපොළට පැමිණි විට පොලිස් නිලධාරීන් එහි මගීන් සහ ගුවන් සේවා කාර්ය මණ්ඩලය සමඟ සාකච්ඡා පවත්වා ඇත.

අපරාධ (ගුවන් සේවා) පනත යටතේ අශෝභන ක්‍රියාවක් සම්බන්ධයෙන් සම්බන්ධයෙන් මෙම පුද්ගලයාට චෝදනා එල්ල වී ඇතැයි ඕස්ට්‍රේලියානු පොලිසිය පවසයි.

එවැනි වරදකට උපරිම දඬුවම ලෙස වසර 7ක සිරදඬුවමක් හිමිවේ.

කෙසේවෙතත් අධිකරණය මගින් සැකකරුට අද දිනයේදී ඇප ලබා දී ඇති අතර 2025 ජනවාරි 9 වැනි දින මෙල්බර්න් මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටින ලෙස ද නියෝග කර තිබේ.

ඕස්ට්‍රේලියා ෆෙඩරල් පොලිසියේ රහස් පරීක්ෂක අධිකාරී ස්ටීවන් කුක් පැවසුවේ සියලුම සංචාරකයන්ට ආරක්ෂිත බවක් දැනීමට අයිතියක් ඇති බවත් ගුවන් යානයක ඇතුළුව ඕනෑම ආකාරයක නුසුදුසු හෝ අහිතකර හැසිරීමක් සඳහා ඕස්ට්‍රේලියානු පොලීසිය ඉඩනොතබන බවයි.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories