2026 ජූලි 31 සිකුරාදා, 20:05
නවතම පුවත්

වෛද්‍ය කෑල්ල පාවිච්චි කරන්න පුළුවන් කාටද? – වෛද්‍ය ආඥාපනත ආයෙත් සංශෝධනය කරන්න යයි

ඇතැම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලබාගෙන ඇති සුදුසුකම්වල නීත්‍යානුකූලභාවය පිළිබඳ මතුව ඇති මතභේදයන් මධ්‍යයේ, වෛද්‍ය ක්ෂේත්‍රයේ ‘වෛද්‍ය’ යන නාමය භාවිත කිරීම සම්බන්ධයෙන් පැහැදිලිව තහවුරු කර ගැනීම සඳහා සංශෝධිත වෛද්‍ය ආඥාපනත යළි සංශෝධනය කිරීමට කටයුතු කරමින් සිටින බව ශ්‍රී ලංකා වෛද්‍ය සභාව පවසයි.

‘ඩේලි මෝර්නිං’ වෙත අදහස් දක්වමින් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලේඛකාධිකාරී වෛද්‍ය හේමන්ත හේරත් පවසා ඇත්තේ, නිශ්චිත ප්‍රතිපාදන ඇතුළත් වන පරිදි ආඥාපනත සංශෝධනය කිරීමට කාලයක් ගතවනු ඇති බවයි.

එහෙත් ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් ප්‍රදානය කරන ලද වෛද්‍ය උපාධිය, ශල්‍ය උපාධිය (MBBS) වැනි අවශ්‍ය අධ්‍යයන සහ වෘත්තීය සුදුසුකම් නොමැතිව වෛද්‍ය වෛද්‍යවරුන් ලෙස පෙනීසිටින පුද්ගලයින් නියාමනය කිරීමට වර්තමාන නීති සම්පාදනය ප්‍රමාණවත් විධිවිධාන පවතින බව ද ඔහු සඳහන් කර ඇත.

කෙසේවෙතත්, විවිධ අරමුණු සඳහා Dr. යන යෙදුම භාවිත කිරීම නියාමනය කිරීම සඳහා එම නීති සම්පාදනයේ ‘පැහැදිලි විධිවිධාන’ නොමැති බව ද ඔහු පෙන්වාදී තිබේ.

“යමෙක් රෝහලක ව්‍යාජ සුදුසුකම් ඇතිව සේවය කරන්නේ නම් සහ ශ්‍රී ලංකා වෛද්‍ය සභාව ලියාපදිංචි වී ඇති බව මවාපානවා නම්, ඒ සඳහා ප්‍රතිපාදන ඇති බැවින් සංශෝධිත වෛද්‍ය ආඥාපනත යටතේ එවැනි පුද්ගලයින්ට එරෙහිව පියවර ගන්න පුළුවන්. කෙසේවෙතත්, බොහෝ අය විවිධ අරමුණු සඳහා Dr. යන යෙදුම භාවිතා කරනවා. වෛද්‍ය වෘත්තිකයන් සහ ආචාර්ය උපාධියක් ඇති (දර්ශන ආචාර්ය උපාධිය [PhD] උපාධිය) යන දෙකම එම යෙදුම භාවිතා කරනවා. මෙම පුද්ගලයින් එකිනෙකාගෙන් වෙන්කර හඳුනා ගැනීමේ ප්‍රායෝගික ගැටලුවක් නිර්මාණය කරනවා. (සමහර විට MBBS උපාධියක් ඇති වෛද්‍යවරයෙකුට ආචාර්ය උපාධියක් ද තියෙනවා). ඒ නිසා මේ සම්බන්ධයෙන් වඩාත් පැහැදිලි අවබෝධයක් ලබාදීම සඳහා ආඥාපනත සංශෝධනය කිරීමට අපි කටයුතු කරනවා,” ඔහු වැඩිදුරටත් පවසා ඇත.

මේ අතර, නීති අධ්‍යාපනයට අදාළ සුදුසුකම් සහ ‘අධිනීතීඥ’ වැනි වෘත්තීය නාම භාවිත කිරීම සම්බන්ධයෙන් මතුව ඇති මතභේදවලට පිළිතුරු දෙමින් අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ලේකම් සහ හිටපු සොලිසිටර් ජනරාල්, ජනාධිපති නීතිඥ අයේෂා ජිනසේන ප්‍රකාශ කළේ සෑම නීති වෘත්තිකයෙකුම සාමාන්‍යයෙන් හඳුන්වනු ලබන්නේ ‘Atorney-at-Law (AAL)’ ලෙස බවයි.

‘අධිනීතීඥ’ යන මාතෘකාව නීතිපති දෙපාර්තමේන්තුවේ තනතුරු සඳහා පමණක් භාවිත වන බව ද ඇය පැහැදිලි කර ඇත.

ඇය වැඩිදුරටත් පවසා ඇත්තේ, නීතීඥයින් ලෙස කටයුතු කිරීමට නීතිමය බලය ලබාගැනීම සඳහා සියලුම පුද්ගලයන් ශ්‍රී ලංකා නීති විද්‍යාලය විසින් පවත්වනු ලබන අවසන් විභාගයෙන් සමත් වී ශ්‍රේෂ්ඨාධිකරණයේදී දිවුරුම් දිය යුතු බවයි.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories