2026 ජූලි 30 බ්‍රහස්පතින්දා, 05:53
නවතම පුවත්

විශේෂඥ වෛද්‍යවරුන් විශ්‍රාම යෑමේ වයස අවු.63 කරන ගැසට් එක ගහන්න සූදානම්ලු !

විශේෂඥ වෛද්‍යවරුන් 200කට අධික පිරිසකට හදිසියේ විශ්‍රාම යෑමේ අවදානමක් ඇති කරමින්, වෛද්‍ය විශේෂඥයන්ගේ විශ්‍රාම යන වයස පිළිබඳ ප්‍රකාශයට පත් නොකළ ගැසට් පත්‍රය සම්බන්ධයෙන් ඇති වූ නොසන්සුන්තාව සහ අවිනිශ්චිතතාවය හේතුවෙන්, එම ගැසට් නිවේදනය ප්‍රකාශයට පත්කිරීමට පියවර ගැනීමට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය තීරණය කර ඇතැයි වාර්තා වේ.

රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් විශ්‍රාම ගැන්වීමේ වයස 2018 වසරේ සිට ක්‍රියාත්මක වන පරිදි අවුරුදු 63ක් ලෙස පවත්වාගෙන යා යුතු බවට ලබාදුන් අභියාචනාධිකරණයේ තීන්දුව සළකා බලමින් සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මේ සම්බන්ධයෙන් නව නිර්දේශයක් ඉදිරිපත් කළ බව තතුදත් ආරංචි මාර්ග අනාවරණය කරයි.

තීරණාත්මක චක්‍රලේඛය හෝ ගැසට් පත්‍රය නිකුත් කිරීම ප්‍රමාද වීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ විශේෂඥ වෛද්‍යවරුන් 200කට අධික පිරිසක් එකවර විශ්‍රාම යෑමේ අවදානමක් නිර්මාණය වී තිබිණි.

රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 63 දක්වා දීර්ඝ කරමින් අභියාචනාධිකරණ තීන්දුව 2024 ජුනි 19 වැනි දින කැබිනට් අනුමැතිය ලබා දී තිබියදීත්, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය නිල චක්‍රලේඛයක් හෝ ගැසට් පත්‍රයක් ලෙස එම තීරණය ක්‍රියාත්මක කිරීම ප්‍රමාද කළේය.

කෙසේවෙතත් වත්මන් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා එම තත්ත්වය නිවැරදි කිරීමට පියවර ගෙන ඇතැයි වාර්තා වේ.

ඒ අනුව, නව ගැසට් පත්‍රය මගින් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට අත්‍යවශ්‍ය චක්‍රලේඛය කඩිනමින් නිකුත් කිරීමට හැකියාව ලැබේ.

මෙම පරිපාලන අකර්මන්‍යතාවය දෙසැම්බර් 31 වන විට 60 වන වියට පා තබන විශේෂඥයින් අතර අවිනිශ්චිතතාවයක් ඇති කර ඇති අතර, ඔවුන්ට ඔවුන්ගේ සේවය දිගටම කරගෙන යාමට අවසර ලැබේද යන්න ගැන විශ්වාසයක් නැත.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories