2026 ජූලි 30 බ්‍රහස්පතින්දා, 15:30
නවතම පුවත්

ටිරාන්ගේ ‘ඊ-පාස්පෝට් ’ ගනුදෙනුව නැවත කැබිනට් මණ්ඩලයට

ආගමන සහ විගමන දෙපාර්තමේන්තුව සඳහා ‘ඊ විදේශ ගමන් බලපත්‍ර’ මිලියන පහක් මිලදීගැනීමේ ටෙන්ඩරය පිළිබඳව ජාතික ප්‍රසම්පාදන කමිටුව විසින් ඉදිරිපත් කර ඇති නිරීක්‍ෂණ අමාත්‍ය මණ්ඩලයේ අවධානය සඳහා යොමුකිරීමට තීරණය කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් ලිඛිතව දැනුම් දී ඇතැයි නීතිපතිවරයා අද අභියාචනාධිකරණයට දැනුම්දුන්නේය.

අදාළ විදේශ ගමන් බලපත්‍ර මිලදී ගැනීමේ ටෙන්ඩරය අභියෝගයට ලක්කරමින් එපික් ලංකා පෞද්ගලික සමාගම විසින් ගොනුකළ පෙත්සම අද කැඳවූ අවස්ථාවේදී අතිරේක සොලිසිටර් ජනරාල් සුමති ධර්මවර්ධන මෙම දැනුම් දීම සිදුකළේය.

අදාළ පෙත්සම අද මොහොමඩ් ලෆාර් තාහීර් සහ පී. කුමාරන් රත්නම් යන අයගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවුරු ලැබීය.

එහිදී මෙම පෙත්සමට අදාළ නියෝගයක් ප්‍රකාශයට පත්කරමින් විනිසුරු පී. කුමාරන් රත්නම් සඳහන් කළේ, ඊ විදේශ ගමන් බලපත්‍ර මිලියන පහක් මිලදීගැනීම වළක්වාලමින් නිකුත් කර තිබූ අතුරු තහනම් නියෝගය තවදුරටත් දීර්ඝ නොකිරීමට අධිකරණය තීන්දුකර ඇති බවයි.

මෙහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනීසිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් සුමති ධර්මවර්ධන අධිකරණය හමුවේ කරුණු දක්වමින්, මෙම ටෙන්ඩරය පිළිබඳව ජාතික ප්‍රසම්පාදන කමිටුව විසින් සිදුකළ විමර්ශනවලට අදාළ ලිපියක් නීතිපතිවරයා වෙත ඉදිරිපත් කර ඇති බව දැනුම්දුන්නේය.

ඊට අමතරව මෙම ටෙන්ඩරය පිළිබඳව ජාතික ප්‍රසම්පාදන කමිටුව විසින් සිදුකර තිබෙන නිරීක්ෂණ අමාත්‍ය මණ්ඩලයේ අවධානය සඳහා යොමුකරීමට කටයුතු කරන බවට මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් ලිඛිතව අද පෙරවරුවේ දැනුම් දී ඇති බවත් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට දැනුම්දුන්නේය.

ඒ අනුව කටයුතු කරන ලෙස වගඋත්තරකරුවන්ට දැනුම්දුන් අධිකරණය අදාළ පෙත්සම පිළිබඳ විභාගය ජනවාරි මස 23 වනදා කැඳවන ලෙසත් නියෝග කළේය.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories