2026 ජූලි 30 බ්‍රහස්පතින්දා, 13:34
නවතම පුවත්

අභියෝගාත්මක භූමිකාවක් තමාට දැරීමට සිදුවන බව නව කථානායක කියයි

පොදුජන යහපත උදෙසා ව්‍යාවස්ථා දායකයේ වගකීම ඉටුකිරීමේ දී අභියෝගාත්මක භූමිකාවක් තමාට දැරීමට සිදුවන බව නව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පවසයි.

අද (17) උදෑසන නව කථානායක ධුරයේ වැඩ අරඹමින් ඔහු මේ බව කියා සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජගත් වික්‍රමරත්න මහතා පවසා සිටියේ, පක්ෂ විපක්ෂ භේදයකින් තොරව සියලු මන්ත්‍රීවරුන්ගේ සහයෝගය ඉතා වැදගත් වන බැවින් සියලුදෙනා අනෝන්‍ය අවබෝධයෙන් කටයුතු කළ යුතු බවය.

මෙහිදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත විශේෂ පොරොන්දුවක් ලබාදෙමින් වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා මෙලෙස පැවසීය.

“මා මෙම උත්තරීතර නිලය දරන තුරු මහජන නියෝජිතයින් ලෙස ඔබ සියලුදෙනාගේම අයිතිවාසිකම් ආරක්ෂා කරදීමට මාගේ උපරිම ශක්ති ප්‍රමාණයෙන් කටයුතු කරන බවට පොරොන්දු වෙනවා. මුළු සභාවටම නැවතත් ස්තූතියි. 10 වන පාර්ලිමේන්තු ජාති ආගම් භේදයෙන් තොරව රටේ යහපැවැත්ම හා මහජන අභිලාෂයන් ඉටුකරනු ලබන පරමාදර්ශි පර්ලිමේන්තුවක් බවට පත්කිරීමට සියලුදෙනාගේ සහයෝගය නැවත ඉල්ලා සිටිමි.”

වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා ගල්අමුණ මහා විද්‍යාලයෙන් මුලික අධ්‍යාපනය හදාරා පසුව මහනුවර ධර්මරාජ විද්‍යාලයෙන් උසස් පෙළට පෙනී සිට තිබේ.

ඔහු පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් වෛද්‍ය විද්‍යා උපාධිය ද කොළඹ විශ්වවිද්‍යාලයෙන් වෛද්‍ය පරිපාලන උපාධිය ද ලබා ඇත.

එමෙන්ම විෂය කේෂ්ත්‍රයට ආයත් දෙස් විදෙස් පාඨමාලා හා පුහුණු වැඩසටහන් විශාල ප්‍රමාණයකට සම්බන්ධ වී තිබේ.

වෛද්‍යවරයෙක්, වෛද්‍ය පරිපාලන අධ්‍යක්ෂවරයෙක් ලෙස හා පොළොන්නරුවේ චීන ශ්‍රී ලංකා ජාතික වෘක්කවේද විශේෂිත රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ලෙස ඇතුළුව වසර 26ක කීර්තිමත් වෘත්තීය ජීවිතය තුළ ජනතාව වෙනුවෙන් සේවය කළ අයෙකි.

මෙවර මහ මැතිවරණයෙන් පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් මනාප 51,391ක් ලබාගනිමින් ජාතික ජන බලවේගය නියෝජනය වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තු වරම් දිනාගත්තේය.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories