2025 ජූනි 21 සෙනසුරාදා, 20:03
නවතම පුවත්

උතුරේ පුරාවිද්‍යා ස්ථානවල අයිතිය නොවිසඳුණු ප්‍රශ්නයක් !

උතුරු පළාතේ හඳුනාගත් පුරාවිද්‍යා ස්ථාන 479න් 252ක අයිතිය තවමත් නොවිසඳී ඇති බව ජාතික විගණන කාර්යාලය විසින් මෑතකදී නිකුත් කරන ලද වාර්තාවකින් අනාවරණ වෙයි.

ජාතික විගණන කාර්යාලය විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවට අනුව, 2023 ජූලි වන විට, මෙම ස්ථාන විධිමත් ලෙස පවරාගෙන තිබී නැත.

තවමත් එම ස්ථානවල මායිම් කණු ස්ථාපානය කර නොමැති අතර ඒවායේ ආරක්ෂාව සඳහා ගැසට් නිවේදන ද නිකුත් කර නොමැත.

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ (UNDP) සහාය ඇතිව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, මධ්‍යම පරිසර අධිකාරිය සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව අතර 2010 ගිවිසුමක් ඇති වුවද, ප්‍රගතිය මන්දගාමී බව ජාතික විගණන කාර්යාල වාර්තාව අවධාරණය කරයි.

උතුරු පළාතේ ප්‍රාදේශීය පුරාවිද්‍යා කාර්යාල පිහිටුවා ඇති අතර එම ස්ථාන ගවේෂණය 2018 වසරේ ආරම්භ කර තිබේ.

කෙසේවෙතත්, විධිමත් ගැසට් පත්‍රයක් නොමැතිකම හේතුවෙන් බොහෝ ස්ථාන අනාරක්ෂිතව පවතී.

නාගතම්පිරාන්, වවුනිකුලම් සහ සිවපුරම් ශ්‍රී මලෙයි විහාරස්ථාන ස්තූපවලින් සැළකිව යුතු පුරාවිද්‍යාත්මක ස්ථාන කිහිපයකට හානි සිදුවී ඇති බව ද විගණනයෙන් අනාවරණය වී ඇත.

මෙම පස් කඳු මුදුනේ නව ආගමික ගොඩනැඟිලි ඉදිකර ඇති අතර, නැදුන්කේනි ශිවනගර්, කුලමුරිප්පු, කොඩ්ඩියාමලේ වැනි ස්ථානවල ද මෙවැනිම හානි සිදුවී ඇත.

තවද, වෙඩුක්කුනාරිමලෙයි, නෙළුක්කුලම් සහ සමලන්කුලම් වැනි ප්‍රධාන ස්ථාන 2008 තරම් ඈත කාලයේ ආරක්ෂිත ස්මාරක ලෙස ප්‍රකාශයට පත් කළද ඒවා සීමා නිර්ණය කර හෝ ගැසට් කර නොමැත.

මීට අමතරව සියලුම පුරාවිද්‍යා කලාප කාර්යාල සහ ප්‍රාදේශීය කාර්යාල ප්‍රධාන කාර්යාලය සමඟ ඒකාබද්ධ කරන විධිමත් අධීක්ෂණ සැලැස්මක් දෙපාර්තමේන්තුව විසින් හඳුන්වා දී නොමැති බවද වාර්තාවෙන් අනාවරණ වී ඇත.

පුරාවිද්‍යා ස්ථාන සහ රක්ෂිත ආරක්ෂා කිරීම, සංරක්ෂණය කිරීම සහ නඩත්තු කිරීම මෙන්ම මෙම ස්ථානවලට හානි කරන්නන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ඇතුළුව දෙපාර්තමේන්තුවේ ක්‍රියාකාරකම්වල සාර්ථකත්වය මැන බැලීම සඳහා මෙය ඉතා වැදගත් වේ.

මෙම සැලැස්ම මගින් රට පුරා ඇති පුරාවිද්‍යා ස්ථාන සම්බන්ධ ගැටලු විසඳීම, ගවේෂණ කටයුතු නිරීක්ෂණය කිරීම, පුරාවස්තු ලේඛනගත කිරීම සහ ගබඩා කිරීම සහ ක්‍රියාවලීන් විධිමත් කිරීම ද සිදු කෙරේ.

මීට ප්‍රතිචාර වශයෙන් දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ මේ වන විට පුළුල් අධීක්ෂණ සැලැස්මක් සකස් කරමින් පවතින අතර එය කඩිනමින් ක්‍රියාත්මක කරන බවයි.

විගණනය මගින් නිරීක්ෂණය කරන ලද තොරතුරු මෙම නව අධීක්ෂණ පද්ධතියට ඇතුළත් කරන බවට ද ඔවුන් සහතික වී තිබේ.

දෙපාර්තමේන්තුවේ මෙහෙයුම්වල අකාර්යක්ෂමතාව පිළිබඳ ජාතික විගණන කාර්යාලය කණස්සල්ල පළ කර ඇත.

පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කරන ලද කැණීම් බලපත්‍ර මගින් බාහිර පාර්ශ්ව විසින් හඳුනා ගන්නා ලද පුරාවස්තු ලබාගැනීමේ විධිමත් ක්‍රමවේදයක් නොතිබූ බව පෙනී ගොස් තිබේ.

ඛනිජ සහ පාෂාණ නිස්සාරණය සඳහා වාර්ෂික පුරාවිද්‍යා නිර්දේශ වෙනුවට 2019 ජූනි 1 දින නිකුත් කරන ලද අංක 02/2018 චක්‍රලේඛය අනුව 2020 මාර්තු 5 දිනැති කැබිනට් තීරණයක් මත දිගුකාලීන නිර්දේශ ලබා දී ඇති බව ද වාර්තාවේ සඳහන් කර ඇත.

වැදගත් පුරාවිද්‍යාත්මක තොරතුරු හෙළි නොකිරීම හේතුවෙන් පුරාවස්තුවලට සිදුවිය හැකි හානිය පිළිබඳ කණස්සල්ලට ද හේතු වී තිබේ.

තවද, දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩල හිඟකම සහ ප්‍රවාහන පහසුකම් නොමැති කමද පරීක්ෂා කිරීමට බාධා මතු කිරීමට හේතු වී ඇත.

2013 වසරේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ කළුගල් ව්‍යාපෘති තුනකට බලපත්‍ර ලබාදීමේ ක්ෂේත්‍ර පරීක්ෂාවකදී පුරාවිද්‍යාත්මක සාධක සොයාගෙන නොතිබිණි.

කෙසේවෙතත් පුරාවිද්‍යා හානි ඇගයීම්වලින් අනතුරුව නිර්දේශ ඉදිරිපත් කර කළුගල් කැණීම් ව්‍යාපෘති ඉදිරියට ගෙන යාමට අවසර දී තිබිණි.

2019 දී, ස්ථානීය පරීක්ෂාවකදී පුරාවස්තු සොයා ගැනීමෙන් පසු මෙම බලපත්‍ර අවලංගු කර ඇත.

පුරාවිද්‍යා නිර්දේශ ලබාදීමට පෙර නිසි පරීක්‍ෂණයක් සිදු නොකිරීම හේතුවෙන් ගල් කැණීම් සහ කැණීම් කටයුතුවලදී පුරාවිද්‍යා ස්මාරකවලට සිදුවන හානිය මෙයින් පෙනීගොස් ඇත.

උතුරු පළාතේ බොහෝ පුරාවිද්‍යා ස්ථානවල මූලික කැණීම් පමණක් සිදු කර ඇති අතර, වැඩිදුර පුළුල් ගවේෂණයක් සිදු කර නොමැති බව ද ජාතික විගණන කාර්යාලය අනාවරණ කර ඇත.

1998 අංක 24 දරන පුරාවස්තු සංශෝධන පනත මගින් සංශෝධිත 1940 අංක 9 පුරාවස්තු ආඥාපනතේ 46(1) වගන්තියට අනුව පුරාවස්තු තෑගි අරමුදලක් ස්ථාපිත කර නොමැති බවද වාර්තාව පෙන්වා දී ඇත.

මෙම අරමුදල නීතිවිරෝධී ලෙස සූරාකන ලද පුරාවස්තු ආරක්ෂා කිරීම සහ තොරතුරු සපයන්නන් සහ බලාත්මක කිරීමේ බලධාරීන්ට ත්‍යාග ලබා දීම සඳහා වන අරමුදලකි.

නීත්‍යනුකූල නොවන ක්‍රියාකාරකම් වැළැක්වීමේ මූල්‍ය දිරිගැන්වීමක් ලෙස මෙම අරමුදල අදහස් කර තිබුණද, අවශ්‍ය නීති කෙටුම්පත් සකස් කිරීම සහ ක්‍රියාත්මක කිරීම ප්‍රමාද වීම හේතුවෙන් එය නිර්මාණය වී නොමැත.

තවද, වසර තුළ එකතු කරන ලද රුපියල් 130,479,050ක් වූ අධිකරණ දඩවලින් අඩක් පුරාවිද්‍යා තෑගි අරමුදලට බැර නොවීම නිසා දෙපාර්තමේන්තුවට අවශ්‍ය කාර්යයන් කාර්යක්ෂමව ඉටු කිරීමට ඇති හැකියාවට බාධාවක් වී තිබේ.

නවතම පුවත්

web 07
වගා නොකළ ඉඩම් හිමියන්ට සති 2ක සහනයක්!
වගා නොකළ ඉඩම් හිමියන්ට...
web 06
කොළඹ කොටුව දුම්රිය ස්ථානයට ජාත්‍යන්තර මුහුණුවරක් - නවීකරණ කටයුතු මේ වසරේ!
කොළඹ කොටුව දුම්රිය...
web 04
නව වාහන හිමිකරුවන්ට ගැටලුවක් - අංක තහඩු හිඟය 15,000 ඉක්මවයි!
නව වාහන හිමිකරුවන්ට...
Web image new template new (1)-Recovered-Recovered-Recovered
එල්ල වන චෝදනා සම්බන්ධයෙන් මෛත්‍රීපාලගෙන් ප්‍රකාශයක්!
අනුරාධපුර, ශ්‍රී...

උණුසුම් පුවත්

web 07
වගා නොකළ ඉඩම් හිමියන්ට සති 2ක සහනයක්!
වගා නොකළ ඉඩම් හිමියන්ට...
web 06
කොළඹ කොටුව දුම්රිය ස්ථානයට ජාත්‍යන්තර මුහුණුවරක් - නවීකරණ කටයුතු මේ වසරේ!
කොළඹ කොටුව දුම්රිය...
web 04
නව වාහන හිමිකරුවන්ට ගැටලුවක් - අංක තහඩු හිඟය 15,000 ඉක්මවයි!
නව වාහන හිමිකරුවන්ට...
Web image new template new (1)-Recovered-Recovered-Recovered
එල්ල වන චෝදනා සම්බන්ධයෙන් මෛත්‍රීපාලගෙන් ප්‍රකාශයක්!
අනුරාධපුර, ශ්‍රී...

දේශපාලන

web 07
වගා නොකළ ඉඩම් හිමියන්ට සති 2ක සහනයක්!
වගා නොකළ ඉඩම් හිමියන්ට...
web 03
කොළඹ සුපිරි දේපළ රහස සොයා CID හා CIABOC මෙහෙයුමක් - හිටපු ඇමතිවරු 6ක් CID දැලට!
කොළඹ සුපිරි දේපළ...
Web image new template new (1)-Recovered-Recovered-Recovered
ජූනි අවසානයේ විශේෂ පාර්ලිමේන්තු සැසි වාරයක්
ජූනි 30 වන දින විශේෂ...
web 12
හර්ෂණ පාර්ලිමේන්තුවෙන් මුදල් අමාත්‍යාංශයට
හර්ෂණ පාර්ලිමේන්තුවෙන්...

Categories