2026 ජූලි 30 බ්‍රහස්පතින්දා, 21:01
නවතම පුවත්

රන්වල පරික්ෂාව මැතිවරණ කොමිසමටත් යයි

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අධ්‍යාපන සුදුසුකම් හෝ ඒවායේ සත්‍යතාව පිළිබඳ කිසිදු වගකීමක් හෝ රාජකාරියක් තමන් සතු නොවන බව මැතිවරණ කොමිසම ප්‍රකාශ කරයි.

ඒ, පාර්ලිමේන්තුවේ කථානායක ආචාර්ය අශෝක රන්වල, තමන්ට හිමි බව කියන ආචාර්ය උපාධිය සැබෑ ලෙසම විදේශීය විශ්වවිද්‍යාලයකින් ලබාගෙන තිබේද යන්න සම්බන්ධයෙන් මතුව ඇති ආන්දෝලනයෙන් අනතුරුවයි.

මෙම කාරණය සම්බන්ධයෙන් ‘ඩේලි මෝර්නිං’ කළ විමසීමකදී මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්.රත්නායක පවසා ඇත්තේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අධ්‍යාපන සුදුසුකම් සහ ඒවායේ සත්‍යතාව සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමට කිසිදු වගකීමක් හෝ රාජකාරියක් නොමැති බවත්, මන්ත්‍රීවරයකු ලබා ගත යුතු විශේෂ අවම අධ්‍යාපන සුදුසුකමක් ද නොමැති බවත් ය.

“ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මන්ත්‍රීවරයෙකුට ලැබිය යුතු අධ්‍යාපන සුදුසුකම් නිශ්චිතව දක්වා නැහැ. නාමයෝජනා බාරදෙනකොටත් අපි එයාලගේ අධ්‍යාපන සුදුසුකම් ගැන බලන්නේ නැහැ.” යැයි සභාපතිවරයා පවසයි.

කතානායකවරයාගේ සුදුසුකම්වල සත්‍යතාව පිළිබඳ මතභේදය මතුවීමත් සමඟ එම චෝදනා සම්බන්ධයෙන් කතානායකවරයා සහ ජාතික ජන බලවේගයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ ඇමතීමට කිහිපවරක් ‘ඩේලි මෝර්නිං’ ගත් උත්සාහයන් අසාර්ථක වී ඇත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 90 වැනි ව්‍යවස්ථාව මඟින් ඡන්දදායකයකු වීමට සුදුසුකම් ඇති සෑම පුද්ගලයකුම, අදාළ ව්‍යවස්ථාමය ප්‍රතිපාදනවල සඳහන් නිශ්චිත විධිවිධාන යටතේ නුසුදුස්සකු නොවන්නේ නම් මන්ත්‍රීවරයකු ලෙස තේරී පත්වීමට ද සුදුසුකම් ඇති බවට මූලික විධිවිධාන දක්වා තිබේ.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories