2026 ජූලි 30 බ්‍රහස්පතින්දා, 13:34
නවතම පුවත්

මම අර්චුනාට ගැහුවේ නෑ – මන්ත්‍රී සුජිත් සංජය

පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලය තුළදී ස්වාධීන මන්ත්‍රී රාමනාදන් අර්චුනා මහතාට පහර දුන් බවට කරන චෝදනා ප්‍රතික්ෂේප කරන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජිත් සංජය පෙරේරා මහතා පවසයි.

ඊයේ (03) පාර්ලිමේන්තු රැස්වීමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.

“කිසිම ප්‍රශ්නයක් නැහැ. අර්ච්චුනා කියන නවක මන්ත්‍රිවරයා ප්‍රකාශයක් කරලා තිබුණා මම එතුමාට පහර දුන්නා කියලා. කිසිම අවස්ථාවක මම එතුමාට පහරදීමට කටයුතු කළේ නැහැ. නමුත් යම් සිද්ධියක් ඇති වුණා විපක්ෂ නායක කාර්යාලයේදී. එතුමා විපක්ෂ නායක කාර්යාලයට ඇවිල්ලා විපක්ෂ නායක ලේකම්වරයා එක්ක බහින්බස් වීමක් සිදුවෙනවා දැක්කා. ඒ අවස්ථාවේ මාත් අලවතුවල මන්ත්‍රීවරයාත් වාඩිවෙලා හිටියේ එහා පැත්තේ පුටුවේ. අලවතුවල මන්ත්‍රීවරයා එතනදී කතා කරලා කිව්වා, මේක පක්ෂ නායකයින් එක්ක හරි කථානායක එක්ක හරි කතා කරලා විසඳගන්න කටයුතු කරන්න කියලා. නමුත් ඒක එතුමා පිළිගත්තේ නැහැ. එතනදි එතුමා කිව්වා ඔබතුමා එක්ක නෙමෙයි මම කතාකරන්න ආවේ කියලා. එතනදී මම කිව්වා අපි දන්න දේ තමයි ඔබතුමාට කියලා දුන්නේ ඒ අනුව කටයුතු කරන්න නැතුව මේ විපක්ෂ නායක තුමාටවත්, විපක්ෂයේ ඉන්න කාර්යා මණ්ඩලයටවත් බැනබැදිලා මේ කටයුත්ත කරන එක සාධාරණ නෑ කියලා. එතනදි එතුමා කිව්වා ඔබතුමන්ලාත් මේක අදාළ නෑ කියලා. එතැනදි බහින්බස්වීමක් ඇති වුණා.”

ඊයේ පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාල පරිශ්‍රයේදී තමන්ට පහරදීමක් සිදුකළ බව යාපනය දිස්ත්‍රික් ස්වාධීන පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාමනාදන් අර්ච්චුනා මහතා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයක් සිදුකරමින් පැවසීය.

ඔහු සඳහන් කළේ සුජිත් නමැති පුද්ගලයෙක් තමන්ට පහරදුන් බවය.

පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරයේදී මන්ත්‍රීවරයා විපක්ෂ නායකවරයාගේ අසුනේ අසුන් ගැනීමේ සිද්ධියක් වාර්තා වූ අතර පසුව එම සිද්ධිය දැන් ආන්දෝලනාත්මක සිද්ධියක් බවට පත්විය.

කෙසේවෙතත් පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ච්චුනා රාමනාදන් නවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙනුවෙන් ඉකුත් 25 වනදා පාර්ලිමේන්තුවේ පැවැත්වූ දැනුවත් කිරීමේ වැඩමුළුවේදී අදාළ සිද්ධිය ගැන සමාව අයැද සිටියේය.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories