2026 ජූලි 29 බදාදා, 06:04
නවතම පුවත්

දේශීය නිෂ්පාදකයන්ගෙන් වෛද්‍ය සැපයුම් ගන්න කැබිනට් අනුමැතිය

රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව සහ දේශීය ඖෂධ නිෂ්පාදකයින් වෙතින් අත්‍යවශ්‍ය වෛද්‍ය සැපයීම් ප්‍රසම්පාදනය සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

දේශීයව නිෂ්පාදනය කරනු ලබන ඖෂධ සහ වෛද්‍ය සැපයීම් ඉදිරි වසරක කාලයක් සඳහා හඳුනාගනු ලැබ ඇති දේශීය නිෂ්පාදකයින් වෙතින් මිල දී ගැනීම පිණිස 2024-10-14 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත.

ඒ අනුව, රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව, රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව සමඟ බද්ධ ව්‍යාපාර ගිවිසුම් අත්සන් කරනු ලැබ ඇති දේශීය නිෂ්පාදකයින්, සෞඛ්‍ය අමාත්‍යාංශය සමඟ පසු මිල දී ගැනීමේ ගිවිසුම් අත්සන් කරනු ලැබ ඇති දේශීය නිෂ්පාදකයින් සහ දැනට ගිවිසුම්ගත වී නොමැති දේශීය නිෂ්පාදකයින් විසින් සැපයිය හැකි ඖෂධ වර්ග ලැයිස්තු 4 ක් සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් සකස් කර තිබේ.

එම ලැයිස්තු 4 පරීක්ෂා කර අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව ඉදිරිපත් කරනු ලැබ ඇති නිර්දේශ මත පදනම්ව, පහත සඳහන් පරිදි ප්‍රසම්පාදනයන් පිරිනැමීම පිණිස සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

  • ඖෂධ වර්ග 42 ක් සැපයීමේ ප්‍රසම්පාදනය රුපියල් මිලියන 5,398.83 ක මුදලකට රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව වෙත පිරිනැමීම.
  • ඖෂධ වර්ග 131 ක් සැපයීමේ ප්‍රසම්පාදනය රුපියල් මිලියන 16,611.42 ක මුදලකට රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව සමඟ බද්ධ ව්‍යාපාර ගිවිසුම් අත්සන් කරනු ලැබ ඇති දේශීය නිෂ්පාදකයින් වෙත පිරිනැමීම.
  • ඖෂධ වර්ග 36 ක් සැපයීමේ ප්‍රසම්පාදනය රුපියල් මිලියන 9,022.10 ක මුදලකට සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය සමඟ පසු මිල දී ගැනීමේ ගිවිසුම් අත්සන් කරනු ලැබ ඇති දේශීය නිෂ්පාදකයින් වෙත පිරිනැමීම.
  • ඖෂධ වර්ග 130 ක් සැපයීමේ ප්‍රසම්පාදනය රුපියල් මිලියන 13,374.65ක මුදලකට අලුතින් තෝරාගත් දේශීය නිෂ්පාදකයින් 24ක් වෙත පිරිනැමීම.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories