2025 ජූනි 21 සෙනසුරාදා, 19:53
නවතම පුවත්

ශිෂ්‍යත්ව විභාගයේ ලකුණු ලබාදීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දීමක්

අවසන් වූ පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ කලින් පිටවූ ප්‍රශ්න තුන සඳහා එම විභාගයට ඉදිරිපත් වූ සියලු සිසු සිසුවියන්ට නිදහස් ලකුණු ලබාදීමට අමාත්‍ය මණ්ඩලය නිර්දේශ කර ඇතැයි නීතිපතිවරයා අද (02) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.

මෙම ප්‍රශ්න පත්‍රය සඳහා විභාගය යළි පැවැත්වීමෙන් සිසු සිසුවියන් පීඩාවට පත්වීමට හැකි බැවින් එම විභාගය යළි පැවැත්වීම නුසුදුසු බව අමාත්‍ය මණ්ඩලය විසින් නිර්දේශ කර තිබෙන බවත් සොලිසිටර් ජෙනරාල් විරාජ් දයාරත්න මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇත.

ශිෂ්‍යත්ව විභාගය පැවති ආකාරය අභියෝගයට ලක් කරමින් ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් අද යළි කැඳවූ අවස්ථාවේදී මෙම දැනුම්දීම සිදුකෙරුණි.

එමෙන්ම මෙම පෙත්සම් පූර්ණ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගන්නා ලෙස ඉල්ලා නීතිපතිවරයා විසින් මෝසමක් ගොනුකර තිබෙන බවත් සොලිසිටර් ජෙනරාල්වරයා දන්වා සිටියේය.

ඉන් අනතුරුව පෙත්සම් විභාගය දෙසැම්බර් මස 11 වනදා පැවැත්වීමටද නියෝග කෙරුණි.

නවතම පුවත්

web 07
වගා නොකළ ඉඩම් හිමියන්ට සති 2ක සහනයක්!
වගා නොකළ ඉඩම් හිමියන්ට...
web 06
කොළඹ කොටුව දුම්රිය ස්ථානයට ජාත්‍යන්තර මුහුණුවරක් - නවීකරණ කටයුතු මේ වසරේ!
කොළඹ කොටුව දුම්රිය...
web 04
නව වාහන හිමිකරුවන්ට ගැටලුවක් - අංක තහඩු හිඟය 15,000 ඉක්මවයි!
නව වාහන හිමිකරුවන්ට...
Web image new template new (1)-Recovered-Recovered-Recovered
එල්ල වන චෝදනා සම්බන්ධයෙන් මෛත්‍රීපාලගෙන් ප්‍රකාශයක්!
අනුරාධපුර, ශ්‍රී...

උණුසුම් පුවත්

web 07
වගා නොකළ ඉඩම් හිමියන්ට සති 2ක සහනයක්!
වගා නොකළ ඉඩම් හිමියන්ට...
web 06
කොළඹ කොටුව දුම්රිය ස්ථානයට ජාත්‍යන්තර මුහුණුවරක් - නවීකරණ කටයුතු මේ වසරේ!
කොළඹ කොටුව දුම්රිය...
web 04
නව වාහන හිමිකරුවන්ට ගැටලුවක් - අංක තහඩු හිඟය 15,000 ඉක්මවයි!
නව වාහන හිමිකරුවන්ට...
Web image new template new (1)-Recovered-Recovered-Recovered
එල්ල වන චෝදනා සම්බන්ධයෙන් මෛත්‍රීපාලගෙන් ප්‍රකාශයක්!
අනුරාධපුර, ශ්‍රී...

දේශපාලන

web 07
වගා නොකළ ඉඩම් හිමියන්ට සති 2ක සහනයක්!
වගා නොකළ ඉඩම් හිමියන්ට...
web 03
කොළඹ සුපිරි දේපළ රහස සොයා CID හා CIABOC මෙහෙයුමක් - හිටපු ඇමතිවරු 6ක් CID දැලට!
කොළඹ සුපිරි දේපළ...
Web image new template new (1)-Recovered-Recovered-Recovered
ජූනි අවසානයේ විශේෂ පාර්ලිමේන්තු සැසි වාරයක්
ජූනි 30 වන දින විශේෂ...
web 12
හර්ෂණ පාර්ලිමේන්තුවෙන් මුදල් අමාත්‍යාංශයට
හර්ෂණ පාර්ලිමේන්තුවෙන්...

Categories