2026 ජූලි 30 බ්‍රහස්පතින්දා, 10:40
නවතම පුවත්

බදු නොගෙවා ගෙනැත් තියෙන වාහන නිසා රජයට වුණු පාඩුව බිලියන තුනක්

බදු නොගෙවා රජයට විශාල පාඩුවක් සිදු කරමින් කරන ලද 200කට අධික සුඛෝපභෝගී වාහන ආනයනය කිරීමක් සම්බන්ධ ඉහළ පෙළේ වංචාවක් අනාවරණ වී තිබේ.

2015න් පසු ආනයනය කරන ලද වාහන, රේගු බදු ගෙවීම පැහැර හැරීම සඳහා 2005ට පෙර ආනයනය කරන ලද බවට ශ්‍රී ලංකාවේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ දත්ත ගබඩාවේ නීති විරෝධී ලෙස ලියාපදිංචි කර ඇත.

අවශ්‍ය රේගු බදු නොගෙවා වාහන 400ක් ලියාපදිංචි කර ඇති බවට ලද තොරතුරක් මත අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විමර්ශනය ආරම්භ කර තිබිණි.

රේගු ආඥාපනතට පටහැනිව ශ්‍රී ලංකා රේගුව විසින් පවත්වාගෙන යනු ලබන ප්‍රකාශන පද්ධතිය මග හරිමින් ඉහත සඳහන් වාහනවල දත්ත, දත්ත ගබඩාවට වංචනික ලෙස ඇතුළත් කර ඇති බව අනාවරණ වී තිබේ.

2024 අප්‍රේල් වන විට, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ බුද්ධි අංශය එවැනි වාහන 200ක තොරතුරු අනාවරණ කරගත් අතර, රේගු නිෂ්කාශන වාර්තා 51ක් අතුරුදහන් වී ඇති බව හඳුනාගෙන තිබේ.

මේවාට ජීප් රථ, ලෑන්ඩ් කෲසර්, මොන්ටෙරෝ සහ සුඛෝපභෝගී කැබ් රථ වැනි උසස් මාදිලියේ වාහන ඇතුළත් විය.

ඇස්තමේන්තු කර ඇති පරිදි ඉන් රජයට සිදුව ඇති පාඩුව රුපියල් බිලියන 3කට ආසන්න බව රේගු දෙපාර්තමේන්තුවේ ජාතික විගණන කාර්යාල ඒකකය විසින් සිදු කරන ලද අභ්‍යන්තර විගණන පරීක්‍ෂණයේදී අනාවරණ වී තිබේ.

2024 අප්‍රේල් 5 වැනිදා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න ද අල්විස් එම වාහන 51හි අයිතිය වෙනස් කිරීම අත්හිටුවමින් අතුරු නියෝගයක් නිකුත් කළේය.

මෙම චෝදනා මත අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් පසුගිය අඟහරුවාදා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් ද ගොනු කර ඇත.

මෙම වාහන ලියාපදිංචි කිරීමේ වංචාවට සම්බන්ධ බවට චෝදනා එල්ල වීම මත කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයකු ඇතුළු ඉහළපෙළේ නිලධාරීන් හය දෙනෙකුට අධිකරණයේ පෙනී සිටීමට සිතාසි නිකුත් කළේය.

එම පිරිසට මෘදුකාංග සංවර්ධකයකු සහ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වාහන ලියාපදිංචියට අදාළ වාර්තා පවත්වාගෙන යන ලිපිකරුවන් හතර දෙනෙකු සහ වාහන ආනයනකරුවන් දෙදෙනෙකු ඇතුළත් විය.

ඔවුන් සන්තකයේ තිබූ වාහන 20ක් රාජසන්තක කරන ලෙස ද අධිකරණය නියෝගයක් නිකුත් කළේය.

වැඩිදුර පරීක්ෂණ සඳහා ඔවුන් රේගුවට භාර දී ඇත.

මෙම වංචාව 2021 වසරේ ආර්ථික අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් ආනයන තහනම පැනවීමට පෙර ආනයනය කළ ඒවායි.

කෙසේවෙතත්, 2025 පෙබරවාරි මාසයේ සිට ආනයනය සඳහා වන සීමාවන් ඉවත් කිරීමේ නවතම නිවේදනයෙන් පසුව රේගු සහ ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලිය ඇතුළු සමස්ත පද්ධතිය සම්බන්ධයෙන් මතුවිය හැකි අවදානමක් පිළිබඳ කණ ස්සල්ලක් ද මතුව තිබේ.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories