2025 ජූනි 21 සෙනසුරාදා, 20:03
නවතම පුවත්

සිවාජිලිංගම් ප්‍රභාකරන්ගේ ඉඩමේ කේක් කපයි !

දෙමළ ජනතාවට යුද්ධයෙන් මියගිය ඔවුන්ගේ සමීපතමයන් සිහිපත් කළ හැකි නමුත් ත්‍රස්තවාදීන් සැමරීම කළ නොහැකි බව රජය කළින්ම ප්‍රකාශ කළේය.

බදාදා (නොවැම්බර් 27) මාවීරර් නාල් (මහවිරු දිනය) සැමරීම උතුරේ ඇතැම් ස්ථානවල සිදුවිය.

කලාපයේ පැවති අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන් සුපුරුදු ඝෝෂාකාරී ලෙස මහවිරු දිනය සනිටුහන් කිරීමට හෝ එය සැමරීමට නොහැකිව දෙමළ ජාතිකවාදී දේශපාලනඥයන් අසීරු තත්ත්වයකට පත්විය.

කෙසේවෙතත් ඔවුන් අතර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම්, පෙර දින එනම් නොවැම්බර් 26 දිනට යෙදී තිබූ ඝාතනයට ලක් වූ දෙමළ ඊළාම් විමුක්ති කොටි (එල්ටීටීඊ) නායක ප්‍රභාකරන්ගේ උපන්දිනය සැමරීම සඳහා උත්සවයක් සංවිධානය කරමින්, ඔහු සුපුරුදු පරිදි රජයේ නිවේදනයේ සීමාවන් උරගා බැලීමට උත්සාහ කළේය.

ඝාතනයට ලක් වූ කොටි නායකයාගේ උපන්දිනය සැමරීමට ඔහුගේ ආධාරකරුවන් තීරණය කළේ, කලක් ප්‍රභාකරන්ගේ පාරම්පරික නිවස තිබූ හිස් ඉඩමකදීය.

යාපනයේ වැල්වැටිතුරෙයි ප්‍රදේශයේ පිහිටි නිවස පසුගිය කාලයේ ආරක්ෂක අංශ විසින් විනාශ කරන ලද අතර, ඉතිරිව ඇත්තේ හිස් විවෘත ඉඩමකි.

එහි ආධාරකරුවන් කෙටි කේක් කැපීමේ උත්සවයක් සංවිධානය කර තිබිණි.

ප්‍රභාකරන්ගේ රුව තිබූ බැනරයේ දෙමළ සහ ඉංග්‍රීසි භාෂාවෙන් ලියා තිබුණේ ‘දෙමළ ඊළාම් ජාතික නායක අතිගරු වී. ප්‍රභාකරන් මෙම නිවසේ ජීවත් වූ” බවයි.

එල්.ටී.ටී.ඊ. නායකයාගේ රුව භාවිත කිරීම නිසා පොලිසිය වහා ක්‍රියාත්මක වී එම රූපය ටේප්වලින් ආවරණය කිරීමට කඩිනම් පියවර ගත් නමුත් කිසිදු බාධාවකින් තොරව උත්සවය පැවැත්වීමට ඉඩ ලබාදුන්නේය.

කේක් කැපීමේ උත්සවයෙන් පසු ආධාරකරුවන් විසින් උත්සවයට පැමිණි පිරිස සඳහා රුක් පැළ බෙදාදීම ද සිදුකරන ලදී.

නවතම පුවත්

web 07
වගා නොකළ ඉඩම් හිමියන්ට සති 2ක සහනයක්!
වගා නොකළ ඉඩම් හිමියන්ට...
web 06
කොළඹ කොටුව දුම්රිය ස්ථානයට ජාත්‍යන්තර මුහුණුවරක් - නවීකරණ කටයුතු මේ වසරේ!
කොළඹ කොටුව දුම්රිය...
web 04
නව වාහන හිමිකරුවන්ට ගැටලුවක් - අංක තහඩු හිඟය 15,000 ඉක්මවයි!
නව වාහන හිමිකරුවන්ට...
Web image new template new (1)-Recovered-Recovered-Recovered
එල්ල වන චෝදනා සම්බන්ධයෙන් මෛත්‍රීපාලගෙන් ප්‍රකාශයක්!
අනුරාධපුර, ශ්‍රී...

උණුසුම් පුවත්

web 07
වගා නොකළ ඉඩම් හිමියන්ට සති 2ක සහනයක්!
වගා නොකළ ඉඩම් හිමියන්ට...
web 06
කොළඹ කොටුව දුම්රිය ස්ථානයට ජාත්‍යන්තර මුහුණුවරක් - නවීකරණ කටයුතු මේ වසරේ!
කොළඹ කොටුව දුම්රිය...
web 04
නව වාහන හිමිකරුවන්ට ගැටලුවක් - අංක තහඩු හිඟය 15,000 ඉක්මවයි!
නව වාහන හිමිකරුවන්ට...
Web image new template new (1)-Recovered-Recovered-Recovered
එල්ල වන චෝදනා සම්බන්ධයෙන් මෛත්‍රීපාලගෙන් ප්‍රකාශයක්!
අනුරාධපුර, ශ්‍රී...

දේශපාලන

web 07
වගා නොකළ ඉඩම් හිමියන්ට සති 2ක සහනයක්!
වගා නොකළ ඉඩම් හිමියන්ට...
web 03
කොළඹ සුපිරි දේපළ රහස සොයා CID හා CIABOC මෙහෙයුමක් - හිටපු ඇමතිවරු 6ක් CID දැලට!
කොළඹ සුපිරි දේපළ...
Web image new template new (1)-Recovered-Recovered-Recovered
ජූනි අවසානයේ විශේෂ පාර්ලිමේන්තු සැසි වාරයක්
ජූනි 30 වන දින විශේෂ...
web 12
හර්ෂණ පාර්ලිමේන්තුවෙන් මුදල් අමාත්‍යාංශයට
හර්ෂණ පාර්ලිමේන්තුවෙන්...

Categories