2026 ජූලි 29 බදාදා, 07:44
නවතම පුවත්

රුසියානු යුද්ධයට යාපනෙ තරුණයෝ යවන ජාවාරමක් හෙළිවේ

යාපනය දිස්ත්‍රික්කයේ තරුණ විරැකියාව ඉහළ මට්ටමක පවතින හෙයින්, බටහිර රටවලට ආරක්ෂිතව ගෙනයන බවට සහතික වන මිනිස් ජාවාරම්කරුවන් විසින් තරුණයන් රැවටීමේ සිද්ධීන් ඉහළ යමින් පවතී.

එවැනි නවතම වංචාවන් පිළිබඳ පොලිස් පැමිණිලිවලට අනුව, යාපනයේ තරුණයන් තිදෙනකු, රුසියානු-යුක්රේන යුද්ධයේ ඉදිරිපෙළ සඳහා යෙදවීමට රුසියානු හමුදාවට තැරැව්කරුවන් වෙතින් ‘විකිණී’ ඇති බව සොයාගෙන තිබේ.

ඔවුන්ගේ අවසාන ගමනාන්තය බෙල්ජියම බවට අතරමැදියන් විසින් ඔවුන් රවටා ඇත. ඔවුන් ජාවාරම්කරුවන්ට රුපියල් මිලියන ගණනින් මුදල් ගෙවා ඇතැයි පැවැසේ.

යුරෝපයේ දේශසීමා තරණය කිරීම සඳහා හමුදා පුහුණුව සහ රුසියානු හමුදා හැඳුනුම්පත් ලබාගැනීම අත්‍යවශ්‍ය බව මිනිස් ජාවාරම්කරුවන් තරුණයන්ට පවසා ඇත.

රුසියාවේදී මුණගැසෙන තුරු එකිනෙකා නොහඳුනන මෙම තරුණයන්ට, තමන් යුද්ධයට සටන් කිරීමට විකිණී ඇති බව අවබෝධ කරගැනීමට කල් ගතවී ඇත.

මෙලෙස රැවටීමට ලක්වූවන්ගෙන් අයගෙන් එක් අයෙක් තම මවට පවසා ඇත්තේ, ඔහු බර අවි පුහුණුව ලබමින් සිටින නිසාත්, යුද පෙරමුණේ ස්ථානගත කිරීමට බලාපොරොත්තු වන නිසාත් තමාට ඇයව නැවත දැකීමට හැකි වේදැයි තමාට විශ්වාස නැති බවයි.

තරුණයන්ගේ පවුල් තුනට, සති දෙකකට වැඩි කාලයක් තම දරුවන් සමඟ සබඳතා බිඳවැටී ඇති අතර, ඔවුන්ගේ ආරක්ෂාව ගැන බියෙන් සිටියි.

එක් මවක් පසුගිය සතියේ ජනමාධ්‍ය වෙත ප්‍රකාශ කළේ තම පුතා මිය ගියාද ජීවතුන් අතරද යන්න තමාට විශ්වාස නැති බවයි.

තරුණයන් තිදෙනාගේ පවුල් මේ සතිය මුලදී පොලිසියට පැමිණිලි කර ඇති අතර, අතුරුදහන් වූ තම දරුවන් නැවත ගෙන්වා ගැනීමට උපකාර කරන ලෙස අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටියේය

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories