2025 අගෝස්තු 15 සිකුරාදා, 16:18
නවතම පුවත්

අද නගර රැසක වායුගුණයේ සුළු අහිතකර තත්ත්වයක්

පවතින කාලගුණික තත්ත්වය හා උතුරු පෙදෙසින් පැමිණෙන දේශසීමා ව්‍යාකූල තත්ත්වය හේතුවෙන් අද (30) දිනය තුළ වායු ගුණ තත්ත්ව දර්ශකය (SLAQl) 92 – 120ත් අතර අගයක දිනය පුරාම පැවතිය හැකි බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

එම සංවිධානයේ පාරිසරික අධ්‍යන හා සේවා අංශය නිකුත්කළ දෛනික වායු ගුණ තත්ත්ව වාර්තාව අනුව දිවයිනේ බොහෝ ප්‍රදේශවල වායුව සුළු වශයෙන් අහිතකර මට්ටමක් දක්වා ඉහළ යා හැකිය.

අද දිනයේ වායුගුණ තත්ත්ව දර්ශකයට අනුව කොළඹ නගරය 108 – 116ත් අතර අගයක් යනු ඇතැයි අපේක්ෂා කෙරේ.

එමෙන්ම යාපනයේ මෙන්ම පොළොන්නරුවේ එම තත්ත්වය 112- 120ත් අතර අගයක් දක්වා ඉහළ යා හැකිය.

ඊට අමතරව කුරණෑගල, වව්නියාව, මහනුවර, කෑගල්ල, ගාල්ල, බදුල්ල, ත්‍රිකුණාමලය ඇතුළු නගර රැසකම වායු ගුණ තත්ත්ව දර්ශකය 100ට වැඩි අගයක් ගනු ඇතැයි අපේක්ෂා කෙරේ.

වායු ගුණ තත්ත්ව දර්ශකය අනුව 0-50 අතර යනු යහපත් මට්ටම වන අතර, එය 51 -100 අතර මධ්‍යස්ථ මට්ටමකි.

කෙසේ නමුත් 101-150 අතර සුළු වශයෙන් අහිතකර වන අතර, 151 – 200 දක්වා අහිතකර මට්ටමකි.

එමෙන්ම 201- 300ත් අතර ඉතා අහිතකර වන අතර, 301 -500 අනතුරුදායක වේ.

මෙම තත්ත්වය හේතුවෙන් සංවේදී පුද්ගලයින්ට හුස්ම ගැනීමේ අපහසුතා ඇති වුවහොත් වෛද්‍ය උපදෙස් සඳහා යොමුවන ලෙස එම සංවිධානය ඉල්ලීම් කරයි.

කෙසේ නමුත් නුවරඑළිය, ඇඹිලිපිටිය, කළුතර හම්බන්තොට හා මොණරාගල යන නගර වල පමණක් වායුගුණ තත්ත්ව දර්ශකය මධ්‍යස්ථ මට්ටමක පැවතිය හැකි බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය බලාපොරොත්තු වේ.

මෙරට වායු ගුණ තත්ත්ව වාර්තාව අනුව ඊයේ (29) බොහෝ නාගරික ප්‍රදේශවල වායුව සුළු වශයෙන් අහිතකර මට්ටමක පැවතුණි.

නවතම පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

උණුසුම් පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

දේශපාලන

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...

Categories