2026 ජූලි 30 බ්‍රහස්පතින්දා, 19:27
නවතම පුවත්

මැති ඇමති විශ්‍රාම වැටුප සහ තීරු බදු රහිත වාහන බලපත්‍රය අහෝසියි !

පාර්ලිමේන්තු මැති ඇමැතිවරුන්ගේ විශ්‍රාම වැටුප සහ තීරු බදු රහිත වාහන බලපත්‍රය අහෝසි කිරීමට රජයේ අවධානය යොමුවී ඇත.

මේ අතර දැනට අමාත්‍යාංශ සතුව ඇති සුඛෝපභෝගී වාහන 150 ක් විකිණීම සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය ලබා ගැනීමට කටයුතු කරගෙන යන බව රජයේ ආරංචි මාර්ග සඳහන් කළේය.

මන්ත්‍රීවරුන්ට වී 8 සහ මොන්ටෙරෝ වැනි සුඛෝපභෝගී වාහන ලබා නොදීමට ද රජය තීරණය කර ඇත.

එසේම මැති ඇමැතිවරුන්ගේ වැටුප් හා දීමනා සම්බන්ධයෙන් කරුණු සමාලෝචනයක් කර තීරණයක් ගන්නා බව ද එම ආරංචි මාර්ග සඳහන් කරයි.

මන්ත්‍රීවරුන්ට ගිනි අවි සහ ගිනි අවි පුහුණුව ලබාදීම මහජන නියෝජිතයන්ට නිවාස ලබාදීම සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නොමැත.

මැති ඇමැතිවරුන්ගේ වරප්‍රසාද සමාලෝචනය කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් විශේෂ ‌කමිටුවක් පසුගියදා පත් කරනු ලැබීය. එම කමිටුවේ නිර්දේශය ද සැලකිල්ලට ගෙන මැති ඇමැතිවරුන්ගේ වරප්‍රසාද තීරණය කෙරෙනු ඇතැයි දැනගන්නට ඇත.

මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද සම්බන්ධයෙන් අප පාර්ලිමේන්තුව නිලධාරියකුගෙන් ඊයේ කළ විමසුමකදී ඔහු පැවැසුවේ රජයෙන් තවමත් ඒ සම්බන්ධයෙන් නිල වශයෙන් දැනුම් දීමක් කර නැති බවයි.

එතෙක් මන්ත්‍රීවරුන්ට අවශ්‍ය නිවාස ඇතුළු අනෙකුත් පහසුකම් සම්බන්ධයෙන් කටයුතු කරගෙන යන බව ද ඔහු සඳහන් කළේය.

මන්ත්‍රීවරුන් සඳහා පසුගියද‍ා පැවැති වැඩමුළුවේ දී ඔවුන්ගේ වරප්‍රසාද සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීමට නියමිතව තිබුණ ද එය සිදුව නැතැයි වාර්තා වෙයි.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories