තිස් වසරක යුද්ධයට වඩා දිට්වා සුලි කුණාටුව බලවත් ?

සිංහල සංවිධාන එකමුතුවේ විධායක සභික ඓශ්චර්‍ය ගුණරත්න අධිකාරි පවසන්නේ , නිදහස් දින උලෙළ තුලදී රණවිරුවන් විසින් තිස් අවුරුදු යුද්ධයෙන් මෙරට බේරාගත් ජයග්‍රහණයට වඩා දිට්වා සුළි කුණාටුවෙන් මිනිස් ජීවිත බේරා ගැනීම පමණක් රණවිරුවන් විසින් ම මෙරට ට කරන ලද සේවයක් පමණක් ලෙස ජනාධිපතිවරයා විසින් සිහිපත් කළ බවය.
සාමාන්‍ය බස් තියෙන්නෙ කඩේ යන්න, AC බස් වල ගමන් යන්න.

හොරණ සිට කහතුඩුව අන්තර් හුවමාරුව හරහා පිටකොටුව දක්වා ධාවනය වන නව බස් සේවාවක් සඳහා බලපත්‍රයක් නිකුත් කිරීමට විරෝධය පළ කරමින් සඳුදා (03) වර්ජනය ආරම්භ කෙරූ අතර අදත් එය ක්‍රියාත්මක වේ.
ජනතා සහය විශ්වාසයි ජනපතිගෙන් ප්‍රකාශයක්

ශ්‍රී ලංකාව යලි ගොඩනැගීම යනු ආර්ථිකය යලි ප්‍රතිස්ථාපන කිරීම බව ජාතික නිදහස් දිනය අමතමින් ජනාධිපති අනුර කුමාර දිසානයක මහතා සදහන් කළේය. එතුමා තවදුරටත් සදහන් කලේ ,ශ්‍රී ලංකාව යලි ගොඩනැගීමට නම් අනෙක් රටවල් සමග උරෙන් උර ගැටෙන මානව සම්පතක් නිර්මාණය කළ යුතු බවය. දියුණු මානව සම්පතක් නිර්මාණය කිරීමට අධ්‍යාපනයේ විශාලතම පරිවර්තීනය යුගයක් ආරම්භ කල යුතු බවත් […]
නව ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ගැන සංවාදයටහිටපු ජනපතිවරු 5ත් එක්ක අගමැති වාඩිවෙයි

ශ්‍රී ලංකාව සඳහා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීමේ අරමුණින් ‘OneText’ ආයතනය විසින් මෙහෙයවනු ලබන ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ සංවාද ක්‍රියාවලිය දියත් කිරීමේ විශේෂ සමාරම්භක උළෙල හෙට, පෙබරවාරි 03 වන දින සවස 4:00 ට කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී පැවැත්වේ. මෙම අවස්ථාවේ ප්‍රධාන දේශනය මහාචාර්ය දීපිකා උඩගම මහත්මිය විසින් පවත්වනු ලබන අතර, ඉන් අනතුරුව මෙරට දේශපාලන […]
හිටපු අමාත්‍ය පී. හැරිසන් FCIDයට පැමිණෙයි

හිටපු අමාත්‍ය පී. හැරිසන් මහතා අද (27) පෙරවරු 8.45ට පමණ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) වෙත පැමිණියේය. ඒ මහතා මෙලෙස කැඳවා ඇත්තේ එම කොට්ඨාසය මගින් දැනට සිදු කරනු ලබන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහාය. මීට පෙර සිදුකළ දැනුම්දීමකට අනුව ඒ මහතා අද පෙරවරුවේ විමර්ශන නිලධාරීන් හමුවේ පෙනී සිටි බව වාර්තා වේ.
ශිරන්ති රාජපක්ෂ හෙට FCIDයට

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මියට හෙට (27) දින පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය (FCID) හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබේ. මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ධුරය දැරූ සමයේ ඇය විසින් පවත්වාගෙන ගිය ‘සිරිලිය’ පදනමට අදාළ ගිණුමක සිදුවී ඇතැයි පැවසෙන මූල්‍ය අක්‍රමිකතා කිහිපයක් සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශන සඳහා ප්‍රකාශයක් ලබා ගැනීමට මෙලෙස ඇයව […]
නිවැරදි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා විපක්ෂයේ පූර්ණ සහාය

රජය විසින් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නිසි ලෙස ක්‍රියාත්මක කරන්නේ නම් ඊට සිය පූර්ණ සහාය ලබා දීමට සූදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. විශේෂයෙන්ම 6 ශ්‍රේණිය සඳහා සැලසුම් කර තිබූ ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක නොකිරීම හේතුවෙන් දූදරුවන් විශාල පිරිසක් අසරණ වී ඇති බව ඔහු පෙන්වා දෙයි. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ප්‍රමාද වීමේ වගකීම විපක්ෂය මත පැටවීමට රජය උත්සාහ කළද, […]
ඩයනා ගමගේට එරෙහි නඩුව කල් තැබේ

හිටපු රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මියට එරෙහිව ගොනු කර ඇති නඩුව වැඩිදුර සාක්ෂි විභාගය සඳහා ලබන පෙබරවාරි මස 16 වනදා යළි කැඳවන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (26) නියෝග කළේය. කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලහිරු සිල්වා මහතා ඉදිරියේ මෙම නඩුව කැඳවනු ලැබීය. අසත්‍ය තොරතුරු ඉදිරිපත් කර විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීම සහ වලංගු වීසා බලපත්‍ර නොමැතිව […]
දෙහිඅත්තකණ්ඩිය සමුපකාරයේ බලය පොදු විපක්ෂයට

අම්පාර දිස්ත්‍රික්කයට අයත් දෙහිඅත්තකණ්ඩිය සීමා සහිත විවිධ සේවා සමුපකාර සමිතියේ පාලන බලය හිමිකර ගැනීමට සමගි ජන බලවේගය ප්‍රමුඛ පොදු විපක්ෂය සමත්ව තිබේ. සභාපතිවරයා ඇතුළු නව අධ්‍යක්ෂ මණ්ඩලය තෝරා පත් කර ගැනීම සඳහා වූ නිලවරණය ඊයේ (24) දෙහිඅත්තකණ්ඩිය සමුපකාර පරිශ්‍රයේදී පවත්වනු ලැබුවේ සහකාර සමුපකාර කොමසාරිස් නලින් මහි කුමාර මහතාගේ අධීක්ෂණය යටතේය. මෙම නිලවරණයේදී සාමාජිකයින් 72 දෙනෙකු […]
පාර්ලිමේන්තු නියෝජ්‍ය මහ ලේකම් චමින්ද කුලරත්නගේ වැඩතහනම්

පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් මෙන්ම කාර්ය මණ්ඩල ප්‍රධානී ධුරය හෙබවූ චමින්ද කුලරත්න මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි වැඩතහනමකට ලක්කර තිබේ. ඊයේ (23) සිට බලපැවැත්වෙන පරිදි මෙම තීරණය ගෙන ඇති බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග තහවුරු කරයි. වාර්තා වන අන්දමට, මෙම වැඩතහනමට මූලික හේතුව වී ඇත්තේ ඔහුගේ පත්වීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් මතු වී ඇති යම් ගැටලුකාරී තත්ත්වයකි. ඒ […]