සෞඛ්‍ය අමාත්‍යාංශයේ කාර්යාලයකින් ලේ මාපිලෙක්

සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (පාලන 2) කාර්යාල කාමරයෙන් ඊයේ (නොවැම්බර් 25) ලේ මාපිලකු හමුවී තිබේ. එහි සේවකයන් එක්ව එම සර්පයා බෝතලයකට අල්ලා කාර්යාල කාමරයෙන් ඉවත් කිරීමට කටයුතු කර ඇත. අමාත්‍යාංශයේ දෙවන මහලේ පිහිටි අදාළ කාර්යාල කාමරයට ලේ මාපිලකු පැමිණියේ කෙසේද යන්න සිතාගත නොහැකි බව එහි සේවකයෝ ප්‍රකාශ කරති.
ඉතිහාසයේ මුල් වරට විශේෂඥ වෛද්‍යවරු වැඩවර්ජනයක

ප්‍රධාන ඉල්ලීම් දෙකක් මුල් කර ගනිමින් විශේෂඥ වෛද්‍යවරුන් ලබන නොවැම්බර් 24 වැනිදා සිට වැඩවර්ජනයක් ආරම්භ කරන බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය රජයට දැනුම් දී තිබේ. මෙය මෙතෙක් කලක් වැඩවර්ජන ක්‍රියාමාර්ගයකට අවතීර්ණ නොවූ විශේෂඥ වෛද්‍යවරුන් වර්ජනයකට අවතීර්ණ වන පළමු අවස්ථාව වනු ඇතැයි එම සංගමයේ මහ ලේකම්, විශේෂඥ වෛද්‍ය ආර්. ඥානසේකරම් මහතා ඊයේ (නොවැම්බර් 16) ප්‍රකාශ කළේය. නොවැම්බර් […]
GMOA වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයකට එළැඹීමට තීරණයක්

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් හෙට (17) දිනයේදී වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයකට එළැඹීමට තීරණය කර තිබේ.2026 වසරට අදාළව ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කර ඇති අයවැය තුළින් සෞඛ්‍ය සේවාවේ සහ වෛද්‍යවරුන්ගේ ගැටළු නිසියාකාරව විසඳීමට අපොහොසත් වීමට විරෝධය පළ කරමින් ඔවුන් මෙම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයට එළැඹීමට තීරණය කර ඇත.එම සංගමය පැවසුවේ මේ සම්බන්ධව රජයේ පාර්ශ්වයන් දැනුවත් කළ බවත් මීට […]
ලොව දුර්ලභතම “රන් රුධිරය” සොයා ගනී

ලොව සෑම මිලියන හයකින් එක් අයෙකුට පමණක් ඇති, ඉතා දුර්ලභ “Rh ශුන්‍ය” (Rh null) රුධිර වර්ගයක් පවතින බවට සොයාගෙන තිබේ. මෙම රුධිර වර්ගය පර්යේෂකයන් රසායනාගාරයන්හි නිපදවීමට උත්සාහ කරනු ලබන්නේ, දුර්ලභ රුධිර වර්ග ඇති රෝගීන්ගේ ජීවිත බේරාගැනීමට හැකිවේවා යැයි යන බලාපොරොත්තුවෙනි. සාමාන්‍යයෙන් බරපතළ ශල්‍යකර්ම අවශ්‍ය පුද්ගලයෙකුට පරිත්‍යාග කරන ලද රුධිරය මඟින් ජීවිතාරක්ෂණය සිදුකරනු ලැබුවද, දුර්ලභ රුධිර […]
ආණ්ඩුවේ දොස්තරලා සටන තාවකාලිකව අත්හිටුවයි

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) විසින් අද (ඔක්තෝබර් 31) උදෑසන 8.00 සිට ආරම්භ කිරීමට නියමිතව තිබූ දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් තාවකාලිකව අත්හිටුවා තිබේ. නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය පවසා සිටියේ, සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අතර ඊයේ (ඔක්තෝබර් 30) රාත්‍රියේ පැවති විශේෂ සාකච්ඡාවේදී ඇති වූ එකඟතා […]
ආසියාවේ වැඩිම වේගයකින් වැඩිහිටි ජනගහනය වර්ධනය වන රටක්?

ශ්‍රී ලංකාව මේ වන විට ආසියානු කලාපය තුළ වයස්ගත ජනගහනයේ සීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කරන රටක් බවට පත්ව තිබේ. ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය නිශානි උභයසේකර මහත්මිය පෙන්වා දෙන පරිදි, 2012 වසරේ 12%ක් වූ වැඩිහිටි ජනගහනය (අවුරුදු 60ට වැඩි) 2024 වන විට 18%ක් දක්වා ඉහළ ගොස් ඇත. නව උපත් අඩුවීම සහ ආයු අපේක්ෂාව ඉහළ යාම මෙයට ප්‍රධාන […]
සුව සැරිය සන්නාමයට හර්ෂ ද සිල්වාගෙන් ආරක්ෂාව

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා අවධාරණය කළේ, රජයේ ප්‍රකාශ තිබියදීත්, ‘සුව සැරිය’ ගිලන් රථ සේවාව තමාගේ පුද්ගලික දේපළක් නොවන බවයි. මාධ්‍ය අමතමින් මන්ත්‍රීවරයා පැවසුවේ, සුව සැරිය සේවාවේ නම හෝ වර්ණය වෙනස් කිරීමට ගනු ලබන ඕනෑම තීරණයකට තමන් සම්බන්ධ නොවිය යුතු බවය. “සුව සැරිය යනු සන්නාමයකි. අපි එය නිර්මාණය කරන විට, […]
“ඖෂධ අර්බුදය දේශපාලන අසාර්ථකත්වයක්” – වෛද්‍ය වෘත්තීය සමිති සන්ධානයෙන් රජයට චෝදනා

ශ්‍රී ලංකාවේ ඖෂධ හිඟය 2026 මුල වන විට සම්පූර්ණයෙන් විසඳන බවට සෞඛ්‍ය අමාත්‍යාංශය සහ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව (SPC) නැවත නැවතත් සහතික දී තිබුණද, රටේ ප්‍රධාන රෝහල් කිහිපයක අත්‍යවශ්‍ය සහ අත්‍යවශ්‍ය නොවන ඖෂධ වර්ග සියයකට ආසන්න ප්‍රමාණයක අතිරික්තයක් (oversupply) වාර්තා වී ඇති බවට වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති, විශේෂඥ වෛද්‍ය චමල් […]
ඖෂධ පරීක්ෂණ ගැන කොළඹ විශ්වවිද්‍යාලයෙන් විශේෂ පැහැදිලි කිරීමක්

කොළඹ විශ්වවිද්‍යාලයේ නම වැරදි ලෙස භාවිත කරමින්, සමාජ මාධ්‍ය ඔස්සේ නොමඟ යවන සුළු ප්‍රචාර ගණනාවක් පැතිර යමින් ඇති බවට විශ්වවිද්‍යාලය විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. විශ්වවිද්‍යාලය අවධාරණය කරන්නේ, සිය පර්යේෂණ සහ සංවර්ධන කටයුතු පිළිබඳ නිවැරදි තොරතුරු මහජනතාව වෙත නිකුත් කරනු ලබන්නේ විශ්වවිද්‍යාලයේ නිල වෙබ් පිටුව හෝ නිල සමාජ මාධ්‍ය පිටුව ඔස්සේ පමණක් බවයි. කොළඹ […]
ඩෙංගු රෝගීන් වාර්තා වීම ඉහළට

දිස්ත්‍රික් 9 කින් ඩෙංගු රෝගීන් වාර්තාවීම ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි. එහි ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශිලා සමරවීර මහත්මිය පැවසුවේ, ගතවූ කාලය තුල මෙරටින් ඩෙංගු රෝගීන් 38764 දෙනෙකු වාර්තාවී ඇති බවයි.