2026 අගෝස්තු 01 සෙනසුරාදා, 11:29
නවතම පුවත්

PTA වහාම අහෝසි කරනු! – ‘දිනන දකුණ සාමූහිකය’ රජයට බල කරයි

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) වහාම ක්‍රියාත්මක වන පරිදි අහෝසි කරන ලෙසත්, එම මර්දනකාරී නීතිය උපයෝගී කරගනිමින් හිටපු රාජ්‍ය බුද්ධි සේවා ප්‍රධානී මේජර් ජනරාල් සුරේෂ් සාලේ (Suresh Salley) දීර්ඝකාලීනව රඳවා තබා ගනිමින් සිදු කරන “අවමන් සහගත සැලකීම” වහාම නතර කරන ලෙසත් ‘දිනන දකුණ සාමූහිකය’ වත්මන් රජයෙන් ඉල්ලා සිටී. අද (08) දින නිකුත් කළ විශේෂ මාධ්‍ය ප්‍රකාශයක් […]

රවී සහ අර්ජුන මහේන්ද්‍රන් ඇතුළු පිරිස නිදහස් කිරීමට මහාධිකරණය දුන් නියෝගය ශ්‍රේෂ්ඨාධිකරණය ඉවත දමයි

මහ බැංකු බැඳුම්කර වංචාවට අදාළව හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක සහ හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් ඇතුළු පිරිසක් විභාගයකින් තොරවම නිදහස් කිරීමට ත්‍රිපුද්ගල මහාධිකරණය ලබා දී තිබූ නියෝගය වැරදි සහගත බව ශ්‍රේෂ්ඨාධිකරණය අද (ජූනි 1) තීන්දු කළේය. ඒ අනුව, අදාළ චූදිතයන්ට සහ පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමට එරෙහිව පොදු දේපොළ පනත යටතේ පවරා ඇති නඩුව ඉදිරියට […]

ජනපති විනිසුරුවරුන් කැඳවීමේ යටි අරමුණක් ද ?විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරන්න සූදානමක් ද ?

ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් අද ( 06/01) සියලුම විනිශ්චයකාරවරුන්ගේ සංගම් කැඳවා තිබේ . ඒ අනුව මහාධිකරණ විනිශ්චයකාරවරුන්ගේ සංගමය , මහේස්ත්‍රාත් අධිකරණ විනිශ්චයකාරවරුන්ගේ සංගමය , අධිකරණ සේවා සංගමය සහ දිසා අධිකරණ විනිශ්චයකාරවරුන්ගේ සංගමය අද දින ජනාධිපති අනුර කුමාර දිසානායක හමුවීම සිදු වීමට නියමිත වේ . එම කැඳවීම සිදුකරනු ලබන්නේ විනිශ්චයකාරවරුන්ගේ වැටුප් ගැටලු සම්බන්ධයෙන් කතා කිරීමට […]

විමල් වීරවශ අත්අඩංගුවට

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා තලංගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.බත්තරමුල්ල රණවිරු ස්මාරකය අසල පසුගියදා ඇති වූ සිද්ධියට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා ඔහු අද (25) තලංගම පොලිසියට පැමිණි අවස්ථාවේදී මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ. පුවතකට එහා ලෝකයකට ඔබේ මනස විවර කරන සයිබර් අවකාශය>>>Island Voice

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ ඉහළ කළමනාකාරීත්වයට දේශපාලන බලපෑම්

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ ඉහළ කළමනාකාරීත්වය ඉලක්ක කර ගනිමින් මේ වන විට දැඩි දේශපාලන බලපෑම් එල්ල වෙමින් පවතින බව අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වෙයි. එහි ආසන්නතම පියවරක් ලෙස, අධිකාරියේ වත්මන් සභාපති අරවින්ද සිරිනාථ මහතාගේ අවශ්‍යතාවය පරිදි, වසර පහළොවක පමණ කාලයක් එහි මානව සම්පත් නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා ලෙස කටයුතු කළ ලලිත් එදිරිසිංහ මහතාගේ වැඩ තහනම් කිරීමට පියවර […]

සෞඛ්‍ය සේවය දේශපාලනීකරණයට එරෙහිව ‘දිනන දකුණ’ සාමූහිකයෙන් දැඩි විරෝධයක්

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා සම්බන්ධීකරණය ශක්තිමත් කිරීමේ අරමුණින් සෑම දිස්ත්‍රික්කයකටම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් “දිස්ත්‍රික් සෞඛ්‍ය සම්බන්ධීකරණ නිලධාරීන්” ලෙස පත් කිරීමට රජය ගෙන ඇති තීරණය, සාමාන්‍ය පරිපාලන තීරණයකට එහා ගිය බරපතළ දේශපාලන හා ව්‍යවස්ථාමය ප්‍රශ්න මතු කරන්නක් බව ‘දිනන දකුණ’ සාමූහිකය පෙන්වා දෙයි. ශක්තිමත් රාජ්‍යයක් යනු සෑම ගැටලුවකටම දේශපාලනඥයන් පත් කරන රාජ්‍යයක් නොව, ස්වාධීන ආයතන ක්‍රියාත්මක වන […]

අම්බලන්තොටදී පුද්ගලයෙකු ඝාතනය කර හිස පිළිරුවක ගසයි : පලිගැනීමක් බවට සැක

අම්බලන්තොට, මාමඩල දකුණ, බෝකුටුයාය ප්‍රදේශයේදී අතිශය කෲර අන්දමින් පුද්ගලයෙකු ඝාතනය කර තවත් අයෙකුට බරපතළ තුවාල සිදුකිරීමේ පුවතක් වාර්තා වේ. මෙම සිද්ධියෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 34ක් වන තිදරු පියෙකු වන අතර, ප්‍රහාරයෙන් තුවාල ලැබූ අනෙක් පුද්ගලයා මියගිය අයගේ බිරිඳගේ පියා බව අම්බලන්තොට පොලීසිය තහවුරු කර ඇත. පොලිස් විමර්ශනවලට අනුව, පුද්ගලයින් තිදෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ඝාතනයට […]

හර්ෂණ සූරියප්පෙරුමගේ ද්විත්ව පුරවැසිභාවය ගැන ‘දිනන දකුණ’ සාමූහිකයෙන් ප්‍රශ්නවැලක්

මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතාගේ ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධයෙන් මේ වන විට සමාජය තුළ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය හමුවේ කරුණු පැහැදිලි කරන ලෙස ඉල්ලා ‘දිනන දකුණ’ සාමූහිකය විසින් විවෘත ප්‍රශ්නාවලියක් යොමු කර තිබේ. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 91(1) ඈ (xiii) වගන්තිය ප්‍රකාරව ද්විත්ව පුරවැසිභාවය දරන අයෙකුට පවතින නීතිමය බාධාවන් පදනම් කරගනිමින් […]

මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි

මහා භාණ්ඩාගාරයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් බාහිර පාර්ශවයක් විසින් සොරකම් කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් පැවැත්වීම සඳහා පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාව අද (28) දිනයේ රැස්වීමට නියමිතව තිබේ. රජයේ මූල්‍ය පාලනය සම්බන්ධයෙන් පැනනැගී ඇති මෙම බරපතළ තත්ත්වය පිළිබඳව සොයා බැලීම මෙම රැස්වීමේ ප්‍රධාන අරමුණ වී ඇත. මෙම කරුණ සම්බන්ධයෙන් කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මුදල් […]

කොළඹ වරායේ බහාලුම් 323ක අභිරහස සෙවීමට ජනපති ඇතුළු පිරිසක් විශේෂ කාරක සභාව හමුවට කැඳවයි

කොළඹ වරායේ සිට බහාලුම් 323ක් අනිවාර්ය භෞතික පරීක්ෂාවකට භාජනය කිරීමකින් තොරව පිටවීම සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තා කිරීමට පත් කළ විශේෂ කාරක සභාව හමුවේ සාක්ෂි ලබාදීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇතුළු සිව්දෙනෙකු කැඳවා තිබේ. විශේෂ කාරක සභාවේ සභාපති ගරු හර්ෂණ නානායක්කාර මහතා වෙත ලිපියක් යොමු කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අජිත් පී. පෙරේරා, දයාසිරි ජයසේකර, […]