තමන් සහ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතර කිසිදු සහයෝගීතාවක් හෝ සන්ධානයක් නොමැති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය.
ඉදිරි මහ මැතිවරණය සඳහා සමගි ජන බලවේගයේ අගමැති අපේක්ෂකයා ලෙස තමා තරඟ කරන බව ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදී ඊයේ ( 24) මාධ්‍ය වෙත පැවසීය.
සමගි ජන බලවේගයේ සියලු ම ආසන සංවිධායකවරු හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තමාට අගමැති ධූරයට තරග කරන ලෙස ඒකමතිකව යෝජනාවක් කළ බව ත් ඒ අනුව, තමන් අගමැති තනතුර වෙනුවෙන් පාර්ලිමේන්තු මැතිවරණයට තරග කරන බව ත් ඔහු කීය.
ඉදිරියේදී රනිල් වික්‍රමසිංහ මහතා සමඟ සන්ධානයකට නොයන බව විපක්ෂ නායකවරයා පැවසීය.
මේ අනුව, පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තරඟ කරන්නේ සමගි ජන සන්ධානයෙන් බව ඔහු කීවේ ය.
ජනාධිපතිවරණයේදී තමාට ඡන්දය ලබා දුන් සියලු ම දෙනාට ස්තූතිවන්ත වන බව විපක්ෂ නායකවරයා වැඩිදුරට ත් පවසා සිටියේ ය