සියළුම අධ්‍යාපන මට්ටම්වල කාන්තා විරැකියා අනුපාතය පිරිමින්ට සාපේක්ෂව ඉතා ඉහළ අගයක් ගන්නා බව ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ නවතම වාර්තාවෙන් හෙළි වෙයි.
මෙම වාර්තාව අගෝස්තු 25 වනදා නිකුත් කෙරුණි.
මෙම වසරේ ජනවාරි පළමුවනදා සිට මාර්තු තිහ අතර කාලය තුළ 322,331 සංඛ්‍යාවක් මෙරට රැකියා විරහිතභාවයෙන් පෙළෙයි. එය 8.8%ක අනුපාතයකි.
එහි කාන්තා ප්‍රතිශතය 6.3%ක් වන අතර රැකියා විරහිත පිරිමි ප්‍රතිශතය 2.5% පමණක් වෙයි.
එම පළමු කාර්තුවේ ඉහළම විරැකියා අනුපාතය වාර්තා වන්නේ අපොස(උ.පෙ) හා ඊට ඉහළ මට්ටම් වලිනි.එය 6.1% ප්‍රතිශතයක් ගනී.
වයස අවු 15-24 අතර කාණ්ඩය වයස අනුව ගත් විට ඉහළම විරැකියා ප්‍රතිශතය වාර්තා කරයි.
වයස අවුරුදු 25-29 අතර කාණ්ඩය 10.1% ද අවුරුදු 30 වැඩි කාණ්ඩය 1.3%ක විරැකියා ප්‍රතිශතයකින් යුක්තයි.
කෙසේ වෙතත් සියළුම අධ්‍යාපන මට්ටම් හා වයස් මට්ටම් අතරින් රැකියා විරහිතභාවයේ ඉදිරියෙන් සිටින්නේ කාන්තාවන් බව මෙම වාර්තාවෙන් අනාවරණය වෙයි.