මේ වනවිට බරපතල වැඩසහිත සිර දඬුවම් නියමවී සිටින හිටපු අමාත්‍යවරුන්වන මහින්දානන්ද අලුත්ගම හා නලීන් ප්‍රනාන්දු ඉදිරිපත්කර ඇති අභියාචනයට අනුකූලව තමන්ව ඇප මත මුදාහරින මෙන් ඔවුන් ඉදිරිපත් කළ පෙත්සම සැප්තැම්බර් 23 වනදා දක්වා කල්තබන ලදි.
ඒ අද (25) කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය විසින් ඉඳිරිපත්වූ කරුණු පිළිබඳ සලකා බැලීමෙන් අනතුරුවයි.
එහිදී මෙම විත්තිකරුවන්ගේ ඇප ඉල්ලීම් සම්බන්ධව කරුණු දක්වන ලෙස අල්ලස් කොමිසම වෙත නොතේසි නිකුත් කරන ලෙස නියෝග කෙරුණි.