2026 මැයි 14 බ්‍රහස්පතින්දා, 09:36
නවතම පුවත්

නාවික හමුදාව මිලි­යන 1650ක හෙරො­යින් ගැඹුරු මුහුදෙන් අල්ලයි

රුපි­යල් මිලි­යන 1650කට අධික වටි­නා­ක­ම­කින් යුත් හෙරො­යින් මත්ද්‍රව්‍ය කිලෝ 66 යි ග්‍රෑම් 840 ක තොග­යක් රැගත් බහු­දින ධීවර යාත්‍රා­වක් ගැඹුරු මුහුදේ දී නාවික හමුදා භාර­යට ගෙන තිබේ.

ශ්‍රී ලංකා නාවික හමු­දාව, ශ්‍රී ලංකා­වට බට­හිර දෙසින් ගැඹුරු මුහුදේ ශ්‍රී ලංකා නාවික නෞකා සුර­නි­මල නෞකාව යොදවා සිදු­කළ විශේෂ සෝදිසි මෙහෙ­යු­මක් මඟින්, මත්ද්‍රව්‍ය ප්‍රවා­හ­නය කර­මින් තිබූ බවට සැකකෙරෙන මෙරට බහු­දින ධීවර යාත්‍රා­වක් සමඟ සැක­ක­රු­වන් හයදෙනෙකු (06) නාවික හමුදා භාර­යට ගැනී­මට කට­යුතු කෙරුණු අතර, එම ධීවර යාත්‍රාව ගාල්ල වරාය‍ට රැගෙ­න­විත් සිදු කළ වැඩි­දුර පරි­ක්‍ෂා­වේදී, උර හයක් තුළ (06) පාර්සල් හැටක (60) අසුරා තිබූ රුපි­යල් මිලි­යන 1650 කට අධික වටි­නා­ක­ම­කින් යුත් හෙරො­යින් මත්ද්‍රව්‍ය කිලෝ 66 යි ග්‍රෑම් 840 ක පමණ තොග­යක් අත්අ­ඩං­ගු­වට ගැනී­මට කට­යුතු කෙරිණි.

නාවික හමු­දා­පති වයිස් අද්මි­රාල් ප්‍රියන්ත පෙරේරා, එම මත්ද්‍රව්‍ය තොගය නිරී­ක්‍ෂ­ණය කිරීම ඊයේ (15) ගාල්ල වරා­යේදී සිදුකෙරිණි.

නාවික හමු­දාව ධීවර යාත්‍රාවේ සිදු කළ වැඩි­දුර පරි­ක්‍ෂා­වේදී, එම ධීවර යාත්‍රාවේ උර හයක් තුළ (06) පාර්සල් 60 ක අසුරා තිබූ හෙරො­යින් මත්ද්‍රව්‍ය කිලෝ 66 යි ග්‍රෑම් 840ක තොග­යක් මෙලෙස අත්අ­ඩං­ගු­වට ගෙන තිබේ. එම මත්ද්‍රව්‍ය තොගයේ දළ වීථි වටි­නා­කම රුපි­යල් මිලි­යන 1650කට අධික වෙතැයි විශ්වාස කෙරේ.

මෙම මෙහෙ­යුම මඟින් අත්අ­ඩං­ගු­වට ගත් සැක­රු­වන් වයස අවු­රුදු 18ත් 34ත් අත‍ර වන මිරිස්ස ප්‍රදේ­ශයේ පදිං­චි­ක­රු­වන් බවට හඳුනාගෙන ඇත.

අත්අ­ඩං­ගු­වට ගත් හෙරො­යින් මත්ද්‍රව්‍ය තොගය, සැක­ක­රු­වන් හය­දෙනා (06) සහ බහු­දින ධීවර යාත්‍රාව (01) ඉදිරි නීති­මය කට­යුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යං­ශය වෙත භාර­දී­මට නිය­මි­තව ඇති බව නාවික හමු­දාව පව­සයි.

නවතම පුවත්

සෞඛ්‍ය සේවය දේශපාලනීකරණයට එරෙහිව 'දිනන දකුණ' සාමූහිකයෙන් දැඩි විරෝධයක්
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය...
weertyuio
අම්බලන්තොටදී පුද්ගලයෙකු ඝාතනය කර හිස පිළිරුවක ගසයි : පලිගැනීමක් බවට සැක
අම්බලන්තොට, මාමඩල...
fghjkl
හර්ෂණ සූරියප්පෙරුමගේ ද්විත්ව පුරවැසිභාවය ගැන ‘දිනන දකුණ’ සාමූහිකයෙන් ප්‍රශ්නවැලක්
මුදල් අමාත්‍යාංශයේ...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...

උණුසුම් පුවත්

සෞඛ්‍ය සේවය දේශපාලනීකරණයට එරෙහිව 'දිනන දකුණ' සාමූහිකයෙන් දැඩි විරෝධයක්
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය...
weertyuio
අම්බලන්තොටදී පුද්ගලයෙකු ඝාතනය කර හිස පිළිරුවක ගසයි : පලිගැනීමක් බවට සැක
අම්බලන්තොට, මාමඩල...
fghjkl
හර්ෂණ සූරියප්පෙරුමගේ ද්විත්ව පුරවැසිභාවය ගැන ‘දිනන දකුණ’ සාමූහිකයෙන් ප්‍රශ්නවැලක්
මුදල් අමාත්‍යාංශයේ...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...

දේශපාලන

sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

Categories