2025 අගෝස්තු 16 සෙනසුරාදා, 07:19
නවතම පුවත්

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන පොරොන්දුව කඩිනමින් කළහැකි ජයග්‍රහණයක් මාලිමාවට

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස් ජාතික ජන බලවේගය ලබමින් සිටින විශිෂ්ඨ මහමැතිවරණ ජයග්‍රහණය ගැන සටහනක් තබා ඇත.

එම සටහන මෙසේය,

ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර බලයක් ලබාගැනීමේ හෝ එහි එළිපත්තේ සිටින බව මේ වන විට මැතිවරණ ප්‍රතිඵල අනුව පෙනීයයි.

ජාජබ තුනෙන් දෙකක බලයක් ලබා ගන්නේ නම්, සමානුපාතික නියෝජන ක්‍රමය යටතේ එක් පක්ෂයකට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් ලබන පළමු අවස්ථාව මෙයයි.

2010 දී පොදු පෙරමුණට සහ 2020 දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ලැබුණු බලය තුනෙන් දෙකට මඳක් අඩු වූ අතර, තුනෙන් දෙකක බහුතරයක් ලබාගැනීමට විපක්ෂයේ සමහර මන්ත්‍රීවරුන්ගේ සහාය ලබාගැනීමට සිදුවිය.

මෙම ජයග්‍රහණයේ එකම සමාන්තරය වන්නේ, 1994 අගමැතිනි චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපති ධූරයට පත් වූ ජනාධිපතිවරණයයි.

ශ්‍රී ලංකාවේ විවිධ ජාතීන්ට එකමුතු කළ හැකි නායකයකු වීමට ජනාධිපතිවරයාට හැකිවන පරිදි උතුර නැගෙනහිර ප්‍රදේශයන්හි ද ජාජබ සැලකිය යුතු ජයග්‍රහණ ලබා ඇත.

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බවට දුන් පොරොන්දුව කඩිනමින් ඉටු කිරීමට ජාජබ ආණ්ඩුවට මෙම ප්‍රතිඵලය මග පාදනු ඇත.

අනුර කුමාර දිසානායක ජනාධිපති ධූරයට පත්වීමෙන් පසු රට ගමන් කරන දිශානතිය, විශේෂයෙන්ම දේශපාලන සංස්කෘතියේ වෙනස ගැන බොහෝදෙනා සතුටු වන බවට මෙම අතිවිශිෂ්ට ජයග්‍රහණය සාක්ෂියකි.

කෙසේවෙතත්, විශාල බලයක් සමඟ එන අන්තරායන් ගැන ජාජබ කල්පනාකාරී විය යුතුය.

ජනාධිපතිවරයාම ඊයේ ප්‍රකාශ කළ පරිදි පසුගිය කාලයේ දේශපාලන බලවේග තුනෙන් දෙකක බලයක් භාවිත කරමින් ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් කඩකරන නීති සම්පාදනය කළේය.

ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් සහ නිදහස ඛාදනය කරන නීති සහ පියවර පැනවීමට සිදුකෙරෙන බලපෑම්වලට එරෙහිවීමට ජාජබට සිදුවනු ඇත.

ආර්ථිකය දියුණු කිරීම, ජනතාවගේ ජීවිත නගාසිටුවීම, උද්ධමනය පාලනය කිරීම, දූෂණය පාලනය කිරීම, ජාතික සංහිඳියාව පිළිබඳ ගැටළු විසඳීම, ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම සහ ප්‍රජාතන්ත්‍රවාදය සහ නීතියේ ආධිපත්‍යය ආරක්ෂා කිරීම අපේක්ෂා කරන ඡන්දදායකයන්ගේ අසාමාන්‍ය අපේක්ෂාවන් කළමනාකරණය කිරීමට නව පාලනයට සිදුවනු ඇත.

ජාජබ නායකත්වයට තම නව හා සාපේක්ෂ වශයෙන් අත්දැකීම් අඩු මැති ඇමතිවරුන් සහිත පක්ෂය මෙතෙක් ගෙන ආ ප්‍රතිපත්තිගරුක ස්තවරයන්ගෙන් ඉවත් නොවීමටත්, ඔවුන් සහ ඔවුන්ගේ ආධාරකරුවන් ජනතාව ඔවුන් කෙරෙහි තබා ඇති විශ්වාසය කඩ නොකිරීමටත් වගබලා ගත යුතුය.

විශාල බහුතර බලයකින් ජනතාව විසින් තෝරා පත්කරගත් පසුගිය ආණ්ඩුවලට අත් වූ ඉරණම ජාජබ නායකයන්ට මතක ඇතිවාට සැක නැත.

නව ආණ්ඩුව සාර්ථක වේවායි ප්‍රාර්ථනා කළ යුතුය. ශ්‍රී ලංකාවට තම ආණ්ඩුව නැවතත් අසාර්ථක වීම දරාගත නොහැක

නවතම පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

උණුසුම් පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

දේශපාලන

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...

Categories