සංචාරයකට හෝ වෙනත් අවශ්‍යතාවයකට ලංකාවට පැමිණ තිබෙන ඊශ්‍රායල ජාතිකයන්ට හදිසි අවශ්‍යතාවයකදී දැනුම් දීම සඳහා දුරකතන අංකයක් හඳුන්වා දී ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.
පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කළේ ය.
ඒ අනුව, 071 8592651 යන දුරකතන අංකය අමතා හදිසි අවශ්‍යතාවයකදී දැනුම් දීමට හැකි ය.
පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ, මෙම දුරකතන අංකය පොලිස් සංචාරක හා නාවික දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති දමයන්ත විජය ශ්‍රීගේ වන බව ත් කිසියම් හදිසි අවශ්‍යතාවයක් පිළිබඳව සොයා බලා සුදුසු ක්‍රියාමාර්ග ගැනීමට ඔහු කටයුතු කරන බව ත් ය.