ලෝක ජනගහනයෙන් බිලියනයකට අධික පිරිසක් දරිද්‍රතාවයෙන් පෙළෙන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි. ඒ අතරින් 27.9%ක්ම දරුවන් වේ.
දාරිද්‍රතාවයෙන් පෙලෙන ජනතාවගෙන් අඩකට ආසන්න පිරිසක් යුද්ධය පවතින රටවල ජීවත්වන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වා දෙන්නේය.
දරිද්‍රතා පරීක්ෂක දර්ෂකය ලෙස වාසස්ථාන, සනීපාරක්ෂාව සහ විදුලිය නොමැති තත්ත්ව ඇතුලු සාධක කිහිපයක් සැලකිල්ලට ගෙන ඇතැයි විදෙස් වාර්තාවල දැක්වෙයි.