2025 අගෝස්තු 15 සිකුරාදා, 17:04
නවතම පුවත්

දේශපාලන බලපෑම් මත යට ගැසූ අපරාධ 7ක් එළියට ගනී

දේශපාලන බලපෑම් මත යට ගසා තිබූ අපරාධ 07ක් සම්බන්ධයෙන් විමර්ශන කඩිනම් කර ඊට අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස මහජන ආරක්ෂක අමාත්‍යාංශය විසින් වැඩබලන පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතාට නියෝග කර ඇත.

ප්‍රගතිය නිරීක්ෂණය නොවූ මෙම අපරාධ සම්බන්ධයෙන් විමර්ශන කඩිනම් කරන ලෙසත් අවශ්‍ය නිලධාරීන් සහ ඒ සඳහා සියලු පහසුකම් ලබාදෙන ලෙසත් මහජන ආරක්ෂක අමාත්‍යාංශය නියෝග කර ඇතැයි මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දුව මහතා පවසයි.

විමර්ශන කඩිනම් කිරීම සඳහා ලබාදුන් අපරාධ සිද්ධීන් 07 මෙසේය.

  1. 2015 වර්ෂයේ දී සිදුවූ මහ බැංකු බැඳුම්කර වංචාවට අදාළ විමර්ශන
  2. පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය
  3. ජනමාධ්‍යවේදියකු වූ භාරතී ශිවරාම් හෙවත් ධර්මරත්න ශිවරාම් නමැත්තා 2005 වර්ෂයේ අප්‍රේල් මස 28 වැනිදා බම්බලපිටිය පොලිසිය ඉදිරිපිටදී නාඳුනන සන්නද්ධ කණ්ඩායමක් විසින් පැහැරගෙන ගොස් ඝාතනය කළ බව කියන සිද්ධිය
  4. නැඟෙනහිර විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයාව සිටි සිවසුබ්‍රමනියම් රවීන්ද්‍රනාත් 2006 වර්ෂයේදී පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම
  5. ලලිත් කුමාර සහ කූගන් මුරුගානන්දන් ඉකුත් 2011 වර්ෂයේ දෙසැම්බර් 09 වැනිදා පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම
  6. ප්‍රකට ව්‍යාපාරිකයකු වූ දිනේෂ් ෂාෆ්ටර් මහතා සිය දිවි හානිකර ගත් බව කියන සිද්ධිය. ෂාෆ්ටර් සියදිවි හානි කරගත් බවට ප්‍රකාශ වුවද පංචපුද්ගල අධිකරණ වෛද්‍ය නිලධාරි මඩුල්ල විසින් ලබාදුන් වාර්තාවේ මෙම මරණය සැක සහිත බව සඳහන් විය.
  7. වැලිගම W15 – හෝටලය ඉදිරිපිටදී කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් සහ වැලිගම පොලිසියේ නිලධාරීන් අතර වෙඩි හුවමාරුවකින් අපරාධ කොට්ඨාසයේ සැරයන්වරයකු මියයෑමේ සිද්ධිය.

මෙම අපරාධ සිද්ධීන් සම්බන්ධයෙන් විමර්ශන කඩිනම් කර තරාතිරම නොබලා සැකකරුවන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමට ද වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් ලැබී ඇත.

නවතම පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

උණුසුම් පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

දේශපාලන

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...

Categories