2026 මැයි 14 බ්‍රහස්පතින්දා, 11:26
නවතම පුවත්

ඥාණසාරට අධිකරණයෙන් දැඩි අවවාද.

කාන්තාවකට හිමිකාරිත්වය තිබියදී බලහත්කාරයෙන් අත්පත් කර ගත් බව කියන බම්බලපිටිය ෆැල්කන් සුඛෝපභෝගී මහල් නිවාස සංකීර්ණයේ පිහිටි රුපියල් කෝටි 10ට අධික වටිනාකමින් යුත් නිවසක් වහාම එම කාන්තාවට භාර දෙන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඇතුළු වගඋත්තරකරුවන් තිදෙනෙකුට ඊයේ (සැප්. 12) නියෝග කළේ ය.

එම නියෝගය කඩ කළහොත් අපරාධ නඩු විධිවිධාන සංග්‍රහයේ ප්‍රතිපාදන ප්‍රකාරව දැඩි දඬුවම් ලබා දීමට පියවර ගන්නා බව ද මහේස්ත්‍රාත්වරයා වගඋත්තරකරුවන් තිදෙනාට දැනුම් දුන්නේ ය.

පෙත්සම්කාර කාන්තාව සිය නීතිඥවරිය මගින් අධිකරණය හමුවේ දැක්වූ කරුණු අනුව ඇය එම නිවස භුක්ති විඳ ඇති බව පැහැදිලි වන බව ත් උත්තරකරුවන් බලහත්කාරයෙන් පෙත්සම්කාරියට එම දේපළ භුක්ති විඳීම අහිමි කර ඇති බවට කරුණු තහවුරු වන බව ද මහේස්ත්‍රාත්වරයා අධිකරණය හමුවේ පැවසීය.

එම නිසා එම දේපළෙහි සාමකාමී නිරවුල් භුක්තිය පෙත්සම්කාරියට හිමි විය යුතු බව ද සිය තීන්දුව ලබා දෙමින් මහේස්ත්‍රාත්වරයා වැඩිදුරට ත් පෙන්වා දුන්නේ ය.

ගලගොඩඅත්තේ ඥානසාර හිමි, උන්වහන්සේගේ ගෝල හිමිනමක් වන දයාසීග හිමියන්ට හා එම නිවසේ මුරකරු වශයෙන් කටයුතු කළ බව කියන සිල්වෙස්ටර් නමැති තිදෙනෙක් මෙම සිද්ධියේ වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබිණි.

කොළඹ 4 පදිංචි ඉනෝකා චන්දිමා සේනානායක නමැති කාන්තාවක් ජ්‍යෙෂ්ඨ නීතිඥ නිල නොලත් මහේස්ත්‍රාත් සන්ධ්‍යා තල්දූව මහත්මිය මගින් අධිකරණය හමුවේ ගොනු කර තිබූ පෞද්ගලික නඩුවක් සලකා බැලීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා එම නියෝගය නිකුත් කළේ ය.

බම්බලපිටිය ෆැල්කන් රෙසිඩන්ස් නමැති එම සංකීර්ණයේ පිහිටි එම සුඛෝපභෝගී නිවස තම පියාගේ සහෝදරියට අයත් එකක් බව ත් 2023 වසරේ මැයි 18 වන දින එය තමා භාරයට පත් කළ ඇය විදේශගත වූ බව ද ඒ අනුව, එදින සිට නිවස නඩත්තු කරමින් රැක බලා ගනිමින් තමන් භුක්ති විඳිමින් සිටි බව ද පැමිණිලිකාරිය සිය පැමිණිල්ල මගින් පෙන්වා දී තිබිණි.

එම නිවස නඩත්තු කරමින් හා රැකබලා ගනිමින් සිටින විට ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඇතුළු පිරිසක් නිවස පිහිටි ස්ථානයට පැමිණ තමන්ට හා තම දියණියට එම නිවසට ඇතුල්වීමට ඉඩනොදී බාධා කරමින් කලහකාරී ලෙස හැසිරුණු බව ද ඇය ගොනු කර තිබෙන පැමිණිල්ලේ සඳහන් ය.

එම සිදුවීමෙන් දින කිහිපයකට පසු සැකකාර ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ ශිෂ්‍ය භික්ෂුන් වහන්සේ නමක් තමන්ට දුරකතන ඇමතුමක් ලබා දෙමින් නිවසින් ඉවත් වන ලෙසට බලපෑම් කළ බව ද ඒ අනුව තමා ඒ පිළිබඳව බම්බලපිටිය පොලිසියට පැමිණිල්ලක් කර නිවස වෙත ගිය විට එහි ආරක්ෂාවට යොදවා සිටි නිලධාරියා නිවස වෙත ඇතුල් නොවන ලෙස තමාට තර්ජනය කළ බව ද ඇය එම පැමිණිල්ල මගින් පෙන්වා දී තිබිණි.

තමන්ට එල්ල වී තිබෙන මරණීය තර්ජන හේතුවෙන් තමන් හා තම දියණිය එම නිවාස සංකීර්ණයෙන් ඉවත්ව ඒකල ප්‍රදේශයට පැමිණ තාවකාලිකව පදිංචිව සිටින බව ද මේ සම්බන්ධයෙන් තමාට නීතියේ පිළිසරණ ලබා දෙන ලෙස ද පැමිණිලිකාරිය සිය නීතිඥවරිය මගින් අධිකරණයෙන් වැඩිදුරට ත් ඉල්ලා තිබිණි

නවතම පුවත්

සෞඛ්‍ය සේවය දේශපාලනීකරණයට එරෙහිව 'දිනන දකුණ' සාමූහිකයෙන් දැඩි විරෝධයක්
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය...
weertyuio
අම්බලන්තොටදී පුද්ගලයෙකු ඝාතනය කර හිස පිළිරුවක ගසයි : පලිගැනීමක් බවට සැක
අම්බලන්තොට, මාමඩල...
fghjkl
හර්ෂණ සූරියප්පෙරුමගේ ද්විත්ව පුරවැසිභාවය ගැන ‘දිනන දකුණ’ සාමූහිකයෙන් ප්‍රශ්නවැලක්
මුදල් අමාත්‍යාංශයේ...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...

උණුසුම් පුවත්

සෞඛ්‍ය සේවය දේශපාලනීකරණයට එරෙහිව 'දිනන දකුණ' සාමූහිකයෙන් දැඩි විරෝධයක්
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය...
weertyuio
අම්බලන්තොටදී පුද්ගලයෙකු ඝාතනය කර හිස පිළිරුවක ගසයි : පලිගැනීමක් බවට සැක
අම්බලන්තොට, මාමඩල...
fghjkl
හර්ෂණ සූරියප්පෙරුමගේ ද්විත්ව පුරවැසිභාවය ගැන ‘දිනන දකුණ’ සාමූහිකයෙන් ප්‍රශ්නවැලක්
මුදල් අමාත්‍යාංශයේ...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...

දේශපාලන

sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

Categories