කඩවත සහ මීරීගම යා කෙරෙන අධිවේගී මාර්ගයේ අන්තර් හුවමාරු ඉදිකිරීම් කටයුතු හේතුවෙන්, කොළඹ – මහනුවර ප්‍රධාන මාර්ගයේ (A1) රථවාහන ගමනාගමනය අද (10) සිට සීමා කරන බව පොලිසිය නිවේදනය කරයි.
මාර්ගය භාවිත කරන්නන් සඳහා පොලිසිය නිකුත් කර ඇති විශේෂ රථවාහන සැලැස්ම මෙසේය: කොළඹ – මහනුවර මාර්ගයේ බණ්ඩාරවත්ත සහ පුවක්පිටිය අතර කොටසේ එක් මංතීරුවක් මෙලෙස වසා තැබේ. මෙම රථවාහන සීමා කිරීම් අද සිට 2026 මාර්තු මස 15 වනදා දක්වා ක්‍රියාත්මක වීමට නියමිතය.කඩවත සිට මීරීගම දක්වා ඉදිවන මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත අන්තර් හුවමාරුවට (Interchange) අදාළ ඉදිකිරීම් කටයුතු කඩිනම් කිරීම.
අධික රථවාහන තදබදයක් ඇතිවීම වළක්වා ගැනීම සඳහා පොලිසිය පහත විකල්ප මාර්ගය භාවිත කරන ලෙස රියදුරන්ගෙන් ඉල්ලා සිටියි:
කඩවත නගර මධ්‍යයේ පිහිටි ආලෝක සංඥා මංසන්ධියේ සිට අධිවේගී පිවිසුම් මාර්ගය ඔස්සේ ඇල්දෙණිය ආලෝක සංඥා මංසන්ධිය දක්වා වන මාර්ගය විකල්පයක් ලෙස භාවිත කළ හැකිය.
ඉදිකිරීම් කටයුතු සිදුවන කාලසීමාව තුළ මෙම කලාපයේ රථවාහන තදබදයක් ඇති විය හැකි බැවින්, හැකි සෑම විටම විකල්ප මාර්ග භාවිත කරන ලෙසත්, ගමන් වාර සඳහා අමතර වේලාවක් වෙන් කර ගන්නා ලෙසත් පොලිසිය වැඩිදුරටත් රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.