2026 මැයි 15 සිකුරාදා, 15:20
නවතම පුවත්

ඩග් බ්‍රේස්වෙල් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගනී

නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රබල තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වන ඩග් බ්‍රේස්වෙල් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර තිබේ. කලක පටන් ඔහුව පීඩාවට පත් කළ අස්ථි ආබාධ තත්ත්වයක් හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

සිය දශකයකට අධික ක්‍රීඩා දිවිය තුළ බ්‍රේස්වෙල් නවසීලන්තය වෙනුවෙන් ටෙස්ට් තරග 28ක්, එක්දින තරග 21ක් සහ විස්සයි20 තරග 20ක් සඳහා ක්‍රීඩා කර ඇත. විශේෂයෙන්ම වේග පන්දු යවන්නෙකු ලෙස කැපී පෙනෙන දස්කම් දැක්වූ ඔහු ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේදී ටෙස්ට් කඩුලු 74ක් සහ එක්දින කඩුලු 46ක් බිඳ හෙළීමට සමත් විය.

ඔහුගේ ක්‍රිකට් දිවියේ අමරණීයම අවස්ථාව ලෙස සැලකෙන්නේ 2011 වසරේ හෝබාර්ට්හිදී ඕස්ට්‍රේලියාවට එරෙහිව පැවති ටෙස්ට් තරගයයි. එහිදී ලකුණු 40කට කඩුලු 6ක් දවා ගනිමින් නවසීලන්තයට වසර 26කට පසු ඕස්ට්‍රේලියාවේදී ලැබූ ඓතිහාසික ටෙස්ට් ජයග්‍රහණය හිමිකර දීමට ඔහු ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කළේය.

ආබාධ හේතුවෙන් වරින් වර කණ්ඩායමෙන් ඉවත් වීමට සිදු වුවද, ඔහු නවසීලන්ත ක්‍රිකට් ඉතිහාසයේ දක්ෂ වේග පන්දු යවන්නෙකු ලෙස සටහන් වනු ඇත. ඩග් බ්‍රේස්වෙල්ගේ සමුගැනීම නවසීලන්ත ක්‍රිකට් ක්ෂේත්‍රයේ බොහෝ දෙනෙකුගේ කතාබහට ලක්ව ඇති අතර ඔහුගේ ඉදිරි කටයුතු සඳහා ක්‍රීඩා ලෝලීන් සුබ පැතුම් එක් කර සිටී.

නවතම පුවත්

සෞඛ්‍ය සේවය දේශපාලනීකරණයට එරෙහිව 'දිනන දකුණ' සාමූහිකයෙන් දැඩි විරෝධයක්
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය...
weertyuio
අම්බලන්තොටදී පුද්ගලයෙකු ඝාතනය කර හිස පිළිරුවක ගසයි : පලිගැනීමක් බවට සැක
අම්බලන්තොට, මාමඩල...
fghjkl
හර්ෂණ සූරියප්පෙරුමගේ ද්විත්ව පුරවැසිභාවය ගැන ‘දිනන දකුණ’ සාමූහිකයෙන් ප්‍රශ්නවැලක්
මුදල් අමාත්‍යාංශයේ...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...

උණුසුම් පුවත්

සෞඛ්‍ය සේවය දේශපාලනීකරණයට එරෙහිව 'දිනන දකුණ' සාමූහිකයෙන් දැඩි විරෝධයක්
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය...
weertyuio
අම්බලන්තොටදී පුද්ගලයෙකු ඝාතනය කර හිස පිළිරුවක ගසයි : පලිගැනීමක් බවට සැක
අම්බලන්තොට, මාමඩල...
fghjkl
හර්ෂණ සූරියප්පෙරුමගේ ද්විත්ව පුරවැසිභාවය ගැන ‘දිනන දකුණ’ සාමූහිකයෙන් ප්‍රශ්නවැලක්
මුදල් අමාත්‍යාංශයේ...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...

දේශපාලන

sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

Categories