මේ වසරේ මුල් මාස හය තුළ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගෙන රාජසන්තක කළ දුම්වැටි මිලියන 3කට ආසන්න ප්‍රමාණයක් විනාශ කිරීමට රේගුව සැළසුම් කර ඇත. එහි මුලු වටිනාකම රුපියල් මිලියන 75කට අධික බව වාර්තාවේ. මෙම දුම්වැටි තොගය ලංකා දුම්කොළ සමාගම විසින් රේගුවේ අධීක්ෂණය යටතේ විනාශ කිරීමට නියමිතව ඇත. මෙසේ අත්අඩංගුවට ගත් දුම්වැටි අතර ප්‍රසිද්ධ වෙළෙඳනාමද ඇතුළත් බවත් ඉන් වංචා කිරීමට තැත්කළ මුළු බදු ප්‍රමාණය රුපියල් මිලියන 480කට අධික බව රේගු අධිකාරිය විසින් ප්‍රකාශ කර ඇත.