යතුරුපැදි සොරකම් කිරීමේ සිද්ධීන්ට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු වැලිවේරිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත සීදුව ප්‍රදේශයේදී සිදු කළ වැටලීමකදී ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 21 සහ 25 වයස්වල පසුවන තොඩුවාව සහ වැලිවේරිය ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.
සැකකරුවන් විසින් සොරා ගන්නා ලද යතුරුපැදි දෙකක් පොලිස් භාරයට ගෙන තිබේ.