2026 මාර්තු 26 බ්‍රහස්පතින්දා, 14:46
නවතම පුවත්

තදබල ගංවතුර අනතුරු ඇඟවීම්

කොළඹ: ශ්‍රී ලංකාවට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ දැදුරු ඔය සහ කුඹුක්කන් ඔය ආශ්‍රිත ප්‍රදේශ සඳහා තදබල ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව හදිසි නිවේදනයක් නිකුත් කර තිබේ.

දැදුරු ඔය අවදානම:

වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවන්නේ, ලබන පැය 48 ඇතුළත දැදුරු ඔය පහළ ද්‍රෝණියට අදාළ ප්‍රදේශවල තදබල ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බවයි.

දැනටමත් දැදුරු ඔය ද්‍රෝණියේ ඉහළ සහ මැද කොටස්වලට සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබී ඇති අතර, දැදුරු ඔය ජලාශයේ පිටවාන් දොරටු මඟින් තත්පරයකට ඝන අඩි 33,000කට අධික වේගයකින් ජලය ඔයට මුදා හරිමින් පවතී.

ගංවතුර අවදානම බලපාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වන්නේ: වාරියපොල, නිකවැරටිය, මහව, කොබෙයිගනේ, බිංගිරිය, පල්ලම, හලාවත, ආරච්චිකට්ටුව සහ රසනායකපුර ය.

කුඹුක්කන් ඔය අවදානම:

කුඹුක්කන් ඔය ආශ්‍රිත පහත් බිම් සඳහා මෙතැන් සිට ඉදිරි පැය 12 ඇතුළත තදබල ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ හැකියාව පිළිබඳව ද දෙපාර්තමේන්තුව අවධානය යොමු කර තිබේ. මොණරාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නක්කල, කුඹුක්කන, මාදුරු කැටිය සහ බුත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඔක්කම්පිටිය, ගාමිණිපුර මෙයට අයත් වේ.

මීට අමතරව, නිල්වලා, කැළණි ගඟ, බදුලු ඔය සහ මහවැලි ගඟ ආශ්‍රිත පහත්බිම් ප්‍රදේශවල ද ජල ගැලීම් ඇතිවීමේ හැකියාවක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

මුහුදු ප්‍රදේශ සඳහා අනතුරු ඇඟවීම්

ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් පැවති අඩු පීඩන කලාපය මේ වන විට පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී, මඩකලපුවට කිලෝමීටර් 210ක් ගිනිකොණ දෙසින් කේන්ද්‍රගත වී ඇත. එය උතුරට බරව වයඹ දෙසට ගමන් කරමින් ඉදිරි පැය 12 තුළ ගැඹුරු පීඩන අවපාතයක් දක්වා තවදුරටත් තීව්‍ර වීමට බොහෝ දුරට ඉඩ තිබේ.

  • ධීවර කටයුතු තහනම්: නැවත දැනුම් දෙන තුරු දිවයින වටා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවුක කටයුතුවලින් වැළකී සිටින ලෙසට දැනුම් දී ඇත.
  • මුහුදු රළ: පුත්තලම සිට කොළඹ, ගාල්ල, හම්බන්තොට, මඩකලපුව සහ ත්‍රිකුණාමලය හරහා කන්කසන්තුරය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ උස මීටර් 2.5 – 4.0 ක් පමණ ඉහළ යාමේ හැකියාවක් පවතී.
  • සුළං: දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං වේගය විටින් විට පැ.කි.මී. 60-70ක් පමණ දක්වා ඉහළ යා හැකි බැවින් මුහුදු ප්‍රදේශ විටින් විට රළු හෝ ඉතා රළු විය හැක.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories