ඉන්දීය නිල සංචාරයක නිරත ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අතර හමුවක් අද (ඔක්තෝබර් 17) සිදු විය.
මෙම හමුව සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සිය ‘X’ (ට්විටර්) ගිණුමේ සටහනක් තබා ඇති අතර, එහිදී ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරිය පිළිගැනීමට ලැබීම තමන්ට සතුටක් බව ඔහු සඳහන් කර තිබේ.
මෙම සාකච්ඡාවේදී අධ්‍යාපනය, කාන්තා සවිබල ගැන්වීම, නවෝත්පාදනය, සංවර්ධන සහයෝගීතාව සහ ධීවර ප්‍රජාවේ සුභසාධනය ඇතුළු පුළුල් පරාසයක කරුණු පිළිබඳව සාකච්ඡා සිදු වූ බව ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ සටහනේ වැඩිදුරටත් සඳහන් වේ.
තවද, සමීප අසල්වැසියන් ලෙස දෙරටේ සහයෝගීතාවය, දෙරටේ ජනතාවගේ සමෘද්ධියට මෙන්ම කලාපයේ සමෘද්ධිය සඳහා ද ඉමහත් වැදගත්කමක් ගනු ඇති බව අග්‍රාමාත්‍ය මෝදි මහතා විසින් නිකුත් කරන ලද පණිවිඩයේ දක්වා තිබේ.