ඔට්ටු ඇල්ලීම සහ සූදු බද්ද සඳහා වන සංශෝධිත ගැසට් පත්‍රය රජය විසින් ප්‍රකාශයට පත් කර තිබෙන අතර, මෙම නව නීතිරීති 2025 ඔක්තෝබර් 01 වැනිදා සිට ක්‍රියාත්මක වේ. මෙම සංශෝධනය මූලික වශයෙන් සූදු කර්මාන්තය සඳහා වන බදු සහ ගාස්තු ඉහළ දැමීම අරමුණු කරයි. ඒ අනුව, සූදු ව්‍යාපාර පවත්වාගෙන යන්නන්ට අදාළ දළ එකතු කිරීම් (Gross Collections) මත පනවා තිබූ බද්ද 15% සිට 18% දක්වා ඉහළ නංවා ඇත.
තවද, ශ්‍රී ලාංකික පුරවැසියන් විසින් ගෙවිය යුතු කැසිනෝ ප්‍රවේශ බද්ද ද වැඩි කර තිබේ. මෙම බද්ද ඇමරිකානු ඩොලර් 100 දක්වා ඉහළ දමා ඇති බව ගැසට් පත්‍රයේ වැඩිදුරටත් සඳහන් වේ. රජය අපේක්ෂා කරන්නේ මෙම බදු සංශෝධන මඟින් සූදු කර්මාන්තයෙන් ලැබෙන ආදායම සැලකිය යුතු ලෙස ඉහළ නැංවීමටය.