71 වැනි ජාතික චිත්‍රපට සම්මාන උළෙලේදී හොඳම නළුවාට හිමි සම්මානය ෂාරුක් ඛාන් ඊයේ (23) දිනාගෙන තිබේ.
ඒ, 2023 වසරේ තිරගත වූ ‘ජවාන්’ චිත්‍රපටය වෙනුවෙන්ය.
බොලිවුඩයේ දශක තුනකට පසු ඔහුට හිමි වූ පළමු ජාතික සම්මානයද මෙය වෙයි.
මෙම සම්මානය ඔහු ඉන්දීය ජනපති ද්‍රෞපදි මුර්මු අතින් ලබාගෙන ඇත.
එමනේම ෂාරුක් ඛාන්, රාණි මුකර්ජි සහ වික්‍රන්ට් මැසේ ඔවුන්ගේ පළමු ජාතික සම්මාන මෙහිදී ලබාගෙන ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
“ජවාන්” සහ “12th Fail” චිත්‍රපටවල විශිෂ්ට රංගනයන් වෙනුවෙන් ෂාරුක් ඛාන් සහ වික්‍රාන්ට් මැසේ හොඳම නළුවා සම්මානය දිනාගත් අතර, “මිසිස් චැටර්ජි එදිරිව නෝර්වේ” චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් රාණි මුකර්ජි හොඳම නිළිය ලෙස සම්මානය දිනාගැනීමට සමත් විය.