හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දුට එරෙහි නඩුවක් ජනවාරි මස 06 වැනිදා දක්වා කල් තැබීමට බදුල්ල මහේස්ත්‍රාත් නුජිත් ද සිල්වා විසින් නියෝග කර තිබේ.
ඒ අනුව, අද (26) දිනයේ මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටියේ ය.
පසුගිය මහ මැතිවරණ අවස්ථාවේදී මැතිවරණ නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දුට චෝදනා එල්ල වී තිබේ.