මහජන ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණින් රට පුරා සන්නද්ධ හමුදා කැඳවීමට ජනාධිපතිවරයා ආඥාවක් නිකුත් කර ඇති බව කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද (ජූලි 08) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.
ජනාධිපතිවරයා මෙම ආඥාව නිකුත් කර ඇත්තේ 40 වැනි අධිකාරිය වන මහජන ආරක්ෂක විධිවිධාන පනතේ 12 වගන්තියෙන් ඔහුට පැවරී ඇති බලතල අනුව බවද කතානායකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.