2026 මැයි 14 බ්‍රහස්පතින්දා, 08:39
නවතම පුවත්

බීමත්ව රිය පැදවුවොත් ලක්ෂ 5ක් හෝ අවුරුදු 2ක්” සමාජ මාධ්‍ය පුවත අසත්‍යයි – පොලිසිය

“බීමත්ව රිය පැදවුවහොත් රුපියල් ලක්ෂ 05ක දඩයක් හෝ අවුරුදු 02ක සිර දඬුවමක්” යනුවෙන් සඳහන් කරමින් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන පුවතක් සම්පූර්ණයෙන්ම අසත්‍ය බව ශ්‍රී ලංකා පොලිසිය අවධාරණය කරයි. මෙවැනි අසත්‍ය ප්‍රවෘත්ති පළ කර සමාජගත කරන පුද්ගලයන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවද පොලිසිය සඳහන් කරයි.

දැනට පවතින නීතිය අනුව බීමත්ව රිය පැදවීම සම්බන්ධයෙන් අදාළ වන දඬුවම් මෙසේය:

මෝටර් වාහන පනතේ 203 වන අධිකාරියේ 214 (1)අ වගන්තිය සමඟ කියවෙන 1979 අංක 31 දරන මෝටර් වාහන පනතින් සංශෝධිත වූ 151 (1) වගන්තිය උල්ලංඝණය කිරීම සහ 2019 අංක 10 මෝටර් වාහන සංශෝධිත පනතේ 07 වන වගන්තියෙන් සංශෝධනය වූ ප්‍රධාන ප්‍රඥප්තියේ 216 වන වගන්තිය යටතේ මෙය දඬුවම් ලැබිය හැකි වරදකි.

මෙම වරදට නියම කළ හැකි දඬුවම් පහත පරිදිය:

රුපියල් 25,000/- සිට රුපියල් 30,000/- දක්වා වූ දඩයක්, හෝ
මාස 03කට වැඩි නොවන කාලයක් දෙයාකාරයෙන් එක් ආකාරයක බන්ධනාගාර ගත කිරීමක්, හෝ
දඩය සහ බන්ධනාගාර ගත කිරීම යන දෙකම, හෝ
රියදුරු බලපත්‍රය මාස 12කට වැඩි නොවන කාලයක් සඳහා අත්හිටුවීමක් සිදු කළ හැකිය.

එබැවින්, සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ රුපියල් ලක්ෂ 5ක දඩය හෝ අවුරුදු 2ක සිර දඬුවම පිළිබඳ තොරතුරු නිවැරදි නොවන අතර, මෙවැනි වැරදි තොරතුරු ප්‍රචාරය කිරීමෙන් වළකින ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.

නවතම පුවත්

සෞඛ්‍ය සේවය දේශපාලනීකරණයට එරෙහිව 'දිනන දකුණ' සාමූහිකයෙන් දැඩි විරෝධයක්
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය...
weertyuio
අම්බලන්තොටදී පුද්ගලයෙකු ඝාතනය කර හිස පිළිරුවක ගසයි : පලිගැනීමක් බවට සැක
අම්බලන්තොට, මාමඩල...
fghjkl
හර්ෂණ සූරියප්පෙරුමගේ ද්විත්ව පුරවැසිභාවය ගැන ‘දිනන දකුණ’ සාමූහිකයෙන් ප්‍රශ්නවැලක්
මුදල් අමාත්‍යාංශයේ...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...

උණුසුම් පුවත්

සෞඛ්‍ය සේවය දේශපාලනීකරණයට එරෙහිව 'දිනන දකුණ' සාමූහිකයෙන් දැඩි විරෝධයක්
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය...
weertyuio
අම්බලන්තොටදී පුද්ගලයෙකු ඝාතනය කර හිස පිළිරුවක ගසයි : පලිගැනීමක් බවට සැක
අම්බලන්තොට, මාමඩල...
fghjkl
හර්ෂණ සූරියප්පෙරුමගේ ද්විත්ව පුරවැසිභාවය ගැන ‘දිනන දකුණ’ සාමූහිකයෙන් ප්‍රශ්නවැලක්
මුදල් අමාත්‍යාංශයේ...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...

දේශපාලන

sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

Categories