බදුල්ල-මහියංගනය ප්‍රධාන මාර්ගයේ දුන්හිඳ ප්‍රදේශයේදී ඊයේ (ජූනි 21) සිදුවූ බස් රථ අනතුරකින් මියගිය සංඛ්‍යාව 3 දක්වා ඉහළ ගොස් තිබේ. මෙම අනතුරෙන් තවත් 34 දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ.
වන්දනාකරුවන් පිරිසක් රැගෙන යමින් තිබූ මෙම බස් රථය, දුන්හිඳ 4 කණුව ප්‍රදේශයේදී විදුලි කණුවක ගැටී මාර්ගයේ පෙරළී ගොස් ඇත.
අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියැදුරු සහ රිය සහායක බදුල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ අනතුර සිදුවන අවස්ථාවේදී රථය පදවා ඇත්තේ රියැදුරු සහායක විසින් බවයි.