ශ්‍රී ලංකාවට ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වන දොරවල් සහිත වායුසමනය කරන ලද බලවේග කට්ටල දුම්රිය (AC Power Set Trains) 5ක් ආනයනය කිරීමට කටයුතු කර ඇති බව දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා පවසයි.
මෙම දුම්රියවල ඇති විශේෂත්වය වන්නේ, දුම්රිය නැවැත්වූ විට සියලු දොරවල් ස්වයංක්‍රීයව විවෘත වීමත්, දුම්රිය ගමන් ආරම්භ කිරීමට පෙර ඒවා ස්වයංක්‍රීයව වැසී යාමත්ය. මෙය මගී ආරක්ෂාව සහ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට උපකාරී වනු ඇත.
ජයසුන්දර මහතා පෙන්වා දෙන්නේ, මෙම දුම්රිය මැදිරි ලෝකයේ අනෙකුත් රටවල භාවිත කරන දුම්රිය මැදිරිවලට සමානව නිෂ්පාදනය කරන බවත්, පිරිමැසුම්දායක පන්තියේ (Economy Class) මගීන්ටද ගමන් කළ හැකි වන පරිදි ඒවා සැලසුම් කර ඇති බවත්ය.
මෙම බලවේග කට්ටල දුම්රිය ලබා ගැනීම සඳහා දැනටමත් ජාත්‍යන්තර ටෙන්ඩර් කැඳවා ඇති අතර, 2026 වසරේ අගභාගය වන විට මෙම දුම්රිය ශ්‍රී ලංකාවට ආනයනය කිරීමට අපේක්ෂා කරන බවද ඔහු වැඩිදුරටත් පැවසීය