ආචාර්ය තිලක් සියඹලාපිටිය මහතා ලංකා විදුලි බල මණ්ඩල සභාපති ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බවත් ඊට අදාළ ලිපිය බලශක්තිය අමාත්‍යංශය වෙත යොමු කර ඇති බවද වාර්තා වෙයි.
දේශපාලන අධිකාරිය විසින් සිදුකරන අනවශ්‍ය මැදිහත්වීම් සහ මහජන උපයෝගීතාව කොමිෂන් සභාවේ පිරිවැයට සරිලන විදුලි ගාස්තු ක්‍රමය බවද ඔහු මෙසේ ධුරය හැර යාමට හේතුව බව පැවසේ.
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ දැනුම් දීම මත විදුලි ගාස්තුව 30% ක් ඉක්මවූ ප්‍රතිශතයකින් ඉහල දැමීමට විදුලි බල මණ්ඩලය මේ වන විටත් යෝජනා සකස් කර ඇත. අදාළ යෝජනාව මහජන උපයෝගිතා කොමිසමට ඉදිරිපත් කිරීමෙන් පසු එහි අනුමැතිය මත ක්‍රියාවට නැංවීමට නියමිතව ඇත.