2025 ජූනි 27 සිකුරාදා, 17:42
නවතම පුවත්

ඡන්ද ගණන් කරන මධ්‍යස්ථානයට බලෙන් පිරිසක් කඩා පනී

හැටන් තැපැල්කාර්යාලය සහ සන්නිවේදන පියසේ ඉහළ මහලේ ඡන්ද ගණනය කිරිමේ මධ්‍යස්ථානයට ඊයේ දින රාත්‍රියේ බලහත්කාරයෙන් ඇතුලු වූ පිරිසක් ඉන් ඉවත් කර දැඩි පොලිස් රැකවල් යටතේ ඡන්දය ගණනය කිරිමට එම ඡන්ද මධ්‍යස්ථානයේ නිළධාරින්ට සිදුව ඇති බව වාර්තා වේ.

හැටන් දික්ඔය නගර සභාවට සභිකයින් පත්කර ගැනීමට හැටන් අංක 04 ගාමිණිපුර කොට්ටාශයේ (06) දින ඡන්ද දායකයින් 1407 දෙනෙකු ඡන්දය ප්‍රකාශකර ඇති බවත්, එය ගණනය කිරිමේදි ඡන්ද පත්‍රිකා 1404 ක් පමණක් තිබූ බවත්, සලකුණු කරන ලද ඡන්ද පත්‍රිකා තුනක් අඩු වීම නිසා තමන්ට අසාධාරනයක් සිදු වී ඇති බව ලංකා කම්කරු කොංග්‍රසයේ අපේක්ෂකයෙකු සහ සමගි ජන බලවේගයේ අපේක්ෂකයන් කිහිප දෙනෙකු එම ඡන්ද මධ්‍යස්ථානයට ඇතුලු වී ඇත.

එහිදි ඔවුන් ඡන්දය ගණනය කිරිම නතර කර නැවත එම කොට්ටාශය තුල ඡන්දය පවත්වන ලෙස ඡන්ද මධ්‍යස්ථාන භාර නිළධාරින්ට තර්ජනය කිරිම හමුවේ හැටන් පොලිසියේ නිළධාරින් එම ඡන්ද ගණනය කිරිමේ මධ්‍යස්ථානයට ඇතුලු වූ පිරිස ඉවත් කර එම මධ්‍යස්ථානයට දැඩි පොලිස් ආරක්ෂාවක් ලබා දීමෙන් අනතුරුව ඡන්දය ගණනය කිරිමේ කටයුතු ආරම්භ ‍යලි ආරම්භ වී ඇත.

එම ඡන්ද මධ්‍යස්ථානය නිකුත් කල ප්‍රතිඵල අනුව ජාතික ජන බලවේගය ඡන්ද 463 ක් ලබා සභිකයින් දෙදෙනෙකු එම කොට්ටාශයෙන් තේරිපත්ව ඇත.

එමෙන්ම එම කොට්ටාශයෙන් සමගි ජන බලවේගය ඡන්ද 400ක්ද, ලංකා කම්කරු කොංග්‍රසය ඡන්ද 249ක්ද, එක්සත් ජාතික පක්ෂය ඡන්ද 79ක් සහ තවත් පක්ෂ කිහිපයක් ඡන්ද 180ක් ලබා ගෙන තිබුණි.

ඡන්දය ගණනය කර ප්‍රකාශයට පත් කිරිමෙන් අනතුරුව එම ඡන්ද මධ්‍යස්ථාන භාර නිළධාරියා සහ කාර්යමණ්ඩලය හැටන් පොලිසියේ සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ දැඩි ආරක්ෂාව යටතේ නුවරඑලිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය වෙත යැවීමටද පියවර ගෙන තිබුණි.

නවතම පුවත්

555
පෝට් සිටි මුහුදේ අතුරුදන් වුනු සිසුවාගේ මල සිරුර සොයා ගැනේ
කොළඹ වරාය නගරයේ...
Web image new template new (1)-Recovered-Recovered
මාලිමාවේ අතුරුදන් වූ මන්ත්‍රීවරිය සහ මන්ත්‍රීවරයා උණවටුනෙන් හමුවෙයි
අද (27) ජාතික ජන...
111
වසර තුනකට පසු ජපානය මරණ දඩුවම ක්‍රියාත්මක කරයි
පළමු වරට ජපානය විසින්...
web 11
අධිකරණය සංදර්ශන පැවැත්වීම සඳහා නඩු කැඳවන්නේ නැහැ
අධිකරණය සංදර්ශන...

උණුසුම් පුවත්

555
පෝට් සිටි මුහුදේ අතුරුදන් වුනු සිසුවාගේ මල සිරුර සොයා ගැනේ
කොළඹ වරාය නගරයේ...
web 11
අධිකරණය සංදර්ශන පැවැත්වීම සඳහා නඩු කැඳවන්නේ නැහැ
අධිකරණය සංදර්ශන...
321
JICA, ADB, ලෝක බැංකුවෙන් ආණ්ඩුවට රතු එළියක්
JICA, ආසියානු සංවර්ධන...
web 10
පක්ෂ විනය කඩවීමෙන් පුත්තලම නගර සභිකයෙකුට සජබෙන් රතු එළිය
පක්ෂ විනය කඩවීමෙන්...

දේශපාලන

555
පෝට් සිටි මුහුදේ අතුරුදන් වුනු සිසුවාගේ මල සිරුර සොයා ගැනේ
කොළඹ වරාය නගරයේ...
Web image new template new (1)-Recovered-Recovered
මාලිමාවේ අතුරුදන් වූ මන්ත්‍රීවරිය සහ මන්ත්‍රීවරයා උණවටුනෙන් හමුවෙයි
අද (27) ජාතික ජන...
111
වසර තුනකට පසු ජපානය මරණ දඩුවම ක්‍රියාත්මක කරයි
පළමු වරට ජපානය විසින්...
321
JICA, ADB, ලෝක බැංකුවෙන් ආණ්ඩුවට රතු එළියක්
JICA, ආසියානු සංවර්ධන...

Categories