මැතිවරණ නීති උල්ලංඝණය කළ අපේක්ෂකයින් 32 දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන අතරම අත්අඩංගුවට ගෙන ඇති ආධාරකරුවන් ගණන 137කි.
ඒ , පළාත් පාලන ඡන්ද විමසීම ප්‍රකාශයට පත් කළ මාර්තු 03 වැනිදා සිට මේ දක්වා කාලය තුළයි.
මැතිවරණ නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි 326 ක් ද ලැබී ඇත. ඒ අතරින් 86ක්ම අපරාධමය පැමිණිලි වේ.