නව තීරු බදු ක්‍රමය පිළිබඳ එක්සත් ජනපද රජය සමග සාකච්ඡා පැවැත්වීමට නියමිත බව ඒ සම්බන්ධයෙන් සොයාබැලීමට පත්කළ කමිටුව සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර අද පැවති සාකච්ඡාවේ දී තීරණය කර තිබෙනවා.
ඒ අනුව තීරු බදු සම්බන්ධයෙන් ගත හැකි සහන පිළිබඳව එක්සත් ජනපදය සමග සාකච්ඡා සිදු කිරීමටයි අපේක්ෂා කරන්නේ.