2026 මැයි 14 බ්‍රහස්පතින්දා, 02:44
නවතම පුවත්

යාපනයේ වායු දූෂණය අවම කිරීමේ වැඩ පිළිවෙලක් ඉල්ලා පෙත්සමක්

යාපනය අර්ධද්වීපයේ ඉහළ යමින් පවතින වායු දූෂණය අවම කිරීමේ වැඩ පිළිවෙලක් සකස් කරන ලෙස පරිසර අමාත්‍යවරයා ඇතුළු වගඋත්තරකරුවන්ට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා යාපනයේ පදිංචිකාරියක වන වෛද්‍ය උමා සුකී නඩරාජා මහත්මිය විසින් ඉදිරිපත් කළ පෙත්සමක් අද (06) කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය මෙම දැනුම්දීම සිදුකළ අතර මෙම පෙත්සම අද අභියාචනාධීකරණයේ වැඩ බලන සභාපති විනිසුරු මොහොමඩ් ලෆාර් තාහීර් සහ සරත් දිසානායක යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරන විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

යාපනය අර්ධද්වීපයේ වායු ගුණත්වය පිළිබඳව පුරා මාසයක් සමීක්ෂණයක් සිදුකොට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස මීට පෙර අභියාචනාධිකරණය විසින් මධ්‍යම පරිසර අධිකාරියට නියෝග කර තිබු අතර එම නියෝගයට අනුව අදාළ සමීක්ෂණ වාර්තාව නීතිපතිවරයා මාර්ගයෙන් අධිකරණයට ඉදිරිපත් කෙරුණි.

පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රවින්ද්‍රනාත් දාබරේ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් එම සමීක්ෂණ වාර්තාව පිරික්සීමේදී යාපනය අර්ධද්වීපයේ වායුව තුළ සම්මත මට්ටම අභිබවා ගිය අහිතකර සංඝටක ප්‍රමාණයක් පවතින බවට තොරතුරු අනාවරණය වී ඇතැයි කියා සිටියේය.

මෙහිදී නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය සඳහන් කළේ යාපනය අර්ධද්වීපය ඇතුළු දිවයිනේ සියලු ප්‍රදේශවල වායු දුෂණය අවම කිරීමේ වැඩපිළිවෙළක් රජය මගින් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවත් ඒ වෙනුවෙන් විශාල වියදමක් දැරීමට සිදුවන බවත් ඒ සඳහා විදේශීය ආයතන සහ සංවිධානවලින් ද ප්‍රතිපාදන ලබාගෙන එම කටයුතු ඉටු කිරීමට සැලසුම් කර ඇති බවත් ය.

ඒ අනුව මෙම කටයුතුවල ප්‍රගතිය ඉදිරියේදී වාර්තා කරන ලෙසත් අධිකරණය විසින් පාර්ෂවකරුවන්ට නියෝග කළේය. ඉන් අනතුරුව පෙත්සම ජූලි මස 05 වන දා යළි කැඳවීමට නියම වුණි.

පෙත්සම්කාරිය කියා සිටින්නේ යාපනය අර්ධද්වීපය තුළ බැහැර කරන විවිධ අහිතකර ද්‍රව්‍ය සහ ඉන්දියාව වැනි අසල්වැසි රාජ්‍යයන්ගෙන් ඇදී එන අහිතකර සංඝටක හේතුවෙන් අර්ධද්වීපය තුළ පවතින වායු ගුණත්වය පහළ වැටී තිබෙන බවය.

මේ පිළිබඳව වගකිවයතු බලධාරීන් වෙත පැමිණිලි ඉදිරිපත් කළත් වායු ගුණත්වය යථා තත්ත්වයට පත්කිරීමට අවශ්‍ය වන පිළිවෙලක් මේ දක්වා ක්‍රියාත්මක වී නොමැති බවත් පෙත්සමෙන් පෙන්වා දී තිබේ.

එබැවින් යාපනය අර්ධද්වීපයේ වායු දූෂණය අවම කිරීමේ වැඩ පිළිවෙලක් සකස් කරන ලෙසත් පෙත්සම්කාරිය අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබේ.

නවතම පුවත්

සෞඛ්‍ය සේවය දේශපාලනීකරණයට එරෙහිව 'දිනන දකුණ' සාමූහිකයෙන් දැඩි විරෝධයක්
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය...
weertyuio
අම්බලන්තොටදී පුද්ගලයෙකු ඝාතනය කර හිස පිළිරුවක ගසයි : පලිගැනීමක් බවට සැක
අම්බලන්තොට, මාමඩල...
fghjkl
හර්ෂණ සූරියප්පෙරුමගේ ද්විත්ව පුරවැසිභාවය ගැන ‘දිනන දකුණ’ සාමූහිකයෙන් ප්‍රශ්නවැලක්
මුදල් අමාත්‍යාංශයේ...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...

උණුසුම් පුවත්

සෞඛ්‍ය සේවය දේශපාලනීකරණයට එරෙහිව 'දිනන දකුණ' සාමූහිකයෙන් දැඩි විරෝධයක්
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය...
weertyuio
අම්බලන්තොටදී පුද්ගලයෙකු ඝාතනය කර හිස පිළිරුවක ගසයි : පලිගැනීමක් බවට සැක
අම්බලන්තොට, මාමඩල...
fghjkl
හර්ෂණ සූරියප්පෙරුමගේ ද්විත්ව පුරවැසිභාවය ගැන ‘දිනන දකුණ’ සාමූහිකයෙන් ප්‍රශ්නවැලක්
මුදල් අමාත්‍යාංශයේ...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...

දේශපාලන

sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

Categories