2026 මැයි 14 බ්‍රහස්පතින්දා, 08:40
නවතම පුවත්

සජබ – එජාප සාකච්ඡා බිද වැටීම ගැන දිනන දකුනින් නිවේදනයක් !

පසුගිය දෙසැම්බර් මාසයේ සිට ආරම්භ වූ එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය අතර පැවති සාකච්ඡා නිශ්ඵල ලෙස අවසන් වී ඇත. මෙම සාකච්ඡා සාර්ථක නොවීමෙන් පෙනී යන්නේ ශ්‍රී ලංකාවේ සම්ප්‍රදායික දක්ෂිණංශික දේශපාලන පක්ෂ බිඳවැටීමේ අවසාන පියවර බව අපගේ හැඟීමයි.

මෙම සාකච්ඡා අසාර්ථක කිරීමේ වගකීම දෙපාර්ශවයේ නායකයින් භාරගත යුතු අතර දකුණු කඳවුරේ ජයග්‍රහණය හෝ සමඟිය වෙනුවෙන් ඔවුන් තුල කිසිදු අවංක කැපවීමක් නොවිය. රටේ දක්ෂිණාංශ බලවේගයක ප්‍රබලත්වය තහවුරු කිරීම වෙනුවට, පුද්ගලික වාසි, නායකත්වයන්, තනතුරු ආදී වැඩවසම් ප්‍රශ්න මත මේකි නායකයන් මෙම සාකච්ඡා අසාර්ථක කිරීමට කටයුතු කළේය.

මේ අසාර්ථකතාවය, දක්ෂිණාංශ බලවේගයක ප්‍රබල ගොඩනැගීමක් වශයෙන් සැලකිය හැකි අනාගත එක්සත් ආණ්ඩුවක් බිහි කිරීමේ අවස්ථාව අහිමි කිරීමක් වන අතර විපක්ෂය තුළ එකම ආර්ථික හා රාජ්‍ය පාලන ප්‍රතිපත්ති අනුගමනය කරන දෙපාර්ශවයක් වෙන්වීම තුළින් වාමාංශික බලවේගයන් සඳහා ඉදිරියට යාමට වැඩි අවකාශයක් ලබාදීමක් ලෙසද සැලකිය හැක.

දකුණේ දේශපාලන පක්ෂ නායකයන් හට මාලිමා සීතාම්බර සළුවෙන් වැසුණු ජනතා විමුක්ති පෙරමුණු ආණ්ඩුව ‘කොමියුනිස්ට් පක්ෂ රාජ්‍යයක්’ කරා රට ගෙන යන ආකාරය පිළිබඳව කිසිඳු අදහසක් නොමැති බව අප හැඟීමයි. එසේම එම කොමියුනිස්ට් පක්ෂ රාජ්‍යයට එරෙහිව දේශපාලනිකව සන්නද්ධ වීමට ද සැබෑ වුවමනාවක් නොමැත.

කෙසේ නමුත් මෙරට දක්ෂිණාංශික මතවාදය දරන නිදහස අපේක්ෂා කරන දක්ෂිණංශික බලවේගය නැවත එක් කර නව ප්‍රතිපත්ති හා නව මූලධර්ම මත පදනම් වූ, බලවත් දක්ෂිණංශික ජාතික විකල්පයක් බිහි කිරීමට දිනන දකුණ අප බලාපොරොත්තු වන බව දිනන – දක්ෂිණාංශික දේශපාලනය ප්‍රතිස්ථාපනය කිරීමේ සාමූහිකය වැඩිදුරටත් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කල තිබේ .

නවතම පුවත්

සෞඛ්‍ය සේවය දේශපාලනීකරණයට එරෙහිව 'දිනන දකුණ' සාමූහිකයෙන් දැඩි විරෝධයක්
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය...
weertyuio
අම්බලන්තොටදී පුද්ගලයෙකු ඝාතනය කර හිස පිළිරුවක ගසයි : පලිගැනීමක් බවට සැක
අම්බලන්තොට, මාමඩල...
fghjkl
හර්ෂණ සූරියප්පෙරුමගේ ද්විත්ව පුරවැසිභාවය ගැන ‘දිනන දකුණ’ සාමූහිකයෙන් ප්‍රශ්නවැලක්
මුදල් අමාත්‍යාංශයේ...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...

උණුසුම් පුවත්

සෞඛ්‍ය සේවය දේශපාලනීකරණයට එරෙහිව 'දිනන දකුණ' සාමූහිකයෙන් දැඩි විරෝධයක්
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය...
weertyuio
අම්බලන්තොටදී පුද්ගලයෙකු ඝාතනය කර හිස පිළිරුවක ගසයි : පලිගැනීමක් බවට සැක
අම්බලන්තොට, මාමඩල...
fghjkl
හර්ෂණ සූරියප්පෙරුමගේ ද්විත්ව පුරවැසිභාවය ගැන ‘දිනන දකුණ’ සාමූහිකයෙන් ප්‍රශ්නවැලක්
මුදල් අමාත්‍යාංශයේ...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...

දේශපාලන

sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

Categories