2026 මාර්තු 20 සිකුරාදා, 13:01
නවතම පුවත්

අනීතික වැඩක් කළ පොලිස් සාජන්ට වැඩ වරදියි

වත්තල, මාබෝල ප්‍රදේශයේ බහාලුම් අංගනයකට යාම සඳහා පැමිණි ලොරි රථයක් රියදුරු නොමැතිව මාර්ගයේ නවතා තැබීම හේතුවෙන් රථවාහන රාජකාරියේ නිරත පොලිස් සාජන්වරයෙකු එහි ඉදිරිපස රෝදයේ හුළං යවන රූපරාමු පෙළක් මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙයි.

එම පොලිස් නිලධාරියා එහිදී පවසන්නේ මාර්ගයේ ගමනාගමනයට බාධාවීම හේතුවෙන් එලෙස හුළං යැවූ බවය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඒ මොහොතේ එම ස්ථානයේ සිටි පිරිසකගෙන් ද විරෝධයක් එල්ල වී තිබුණි.

කෙසේ වෙතත් අදාළ ස්ථානයට පැමිණෙන ලොරි රථයේ රියදුරු පවසා ඇත්තේ, ලියකියවිලි භාරදීම සඳහා තමන් බහාලුම් අංගනයට ගිය බවය.

ඒ අතරතුරදී මෙම පොලිස් නිලධාරියා ලොරි රථයේ රියදුරුට දඩ කොළයක් ලබාදී එම ස්ථානයෙන් පිටව ගොස් තිබුණි.

කෙසේවෙතත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය පවසන්නේ  අදාළ පොලිස් සාජන්වරයා සිදුකරන ලද එම ක්‍රියාව සම්පූර්ණයෙන්ම අනීතික ක්‍රියාවක් බවත් මෙවැනි වරදක් සඳහා දඩ මුදලක් පමණක් පැනවිය හැකි බවත්ය. 

මෙවැනි නිලධාරීන්ගේ ක්‍රියාකලාපය හේතුවෙන් සමස්ත පොලිස් දෙපාර්තමේන්තුවම අපකීර්තියට පත්වන බැවින් ඔහුට විරුද්ධව දැඩි විනය පියවර ගැනීමට නියමිත බවත් පොලීසිය පැවසීය.

ඒ අනුව අදාළ නිලධාරියාව විනය පරීක්ෂණයක් සඳහා අද දිනයේදී පොලිස් රථ වාහන කොට්ඨාසයට කැඳවා ඇතැයිද වාර්තා වෙයි.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories