වායු දූෂණය නිසා ඇතිවන විවිධ රෝග හේතුවෙන් ලොව පුරා මිය යන පුද්ගලයින් සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බව ශ්වසන වෛද්‍යවරුන්ගේ සංගමය පවසයි.
එහි සභාපති, විශේෂඥ වෛද්‍ය නෙරංජන් දිසානායක මහතා පැවසුවේ, වායු දූෂණය නිසා ඇතිවන ශ්වසන රෝගවලින් ලොව පුරා සෑම වසරකම මිලියන 7 ක් පමණ මිය යන බව සමීක්ෂණවලින් හෙළි වී ඇති බවයි.
මේ අතර, වායු දූෂණය නිසි ලෙස පාලනය නොකළහොත් ජනතාවට ආර්ථික බලපෑම් ඇති කළ හැකි බව විශේෂඥ වෛද්‍ය නෙරංජන් දිසානායක මහතා පැවසීය.